Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

කෝලිගේ නමට තවත් වාර්තාවක්..! (PHOTOS)

1476Views

වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවූ ඉන්දීය නායක විරාත් කෝලි තවත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රසාද ලකුණු ලයිස්තුවේ ලකුණු 900 පසුකළ දෙවන ඉන්දීය ක්‍රීඩකයා ලෙසිනි.

හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් ප්‍රසාද ලකුණු 916 ක් ලබාගෙන තිබෙන අතර නවතම ශ්‍රේණිගත කිරීම්හි කෝලිට ප්‍රසාද ලකුණු 900 හිමිව ඇත.

දකුණු අප්‍රිකාවත් සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේදී කෝලි රැස් කළ ශතකයත් සමග ඔහු මෙම ලයිස්තුවේ ඉදිරියට පැමිණ ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේණි ගත කිරීම්හි වැඩිම ප්‍රසාද ලකුණු සංක්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය.වාර්තමාන ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් එහි දෙවන තැන හිමිකරගෙන සිටින අතර ඔහුට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 947කි.


 

YOU MAY ALSO LIKE