Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් - හතුරුගේ අලුත් කොල්ලෝ සහ පරණ කොල්ලෝ අද හමුවෙයි ..!

3666Views

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (19 දා) බංග්ලාදේශය සමග දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ. තරගය මීපූර් හී පිහිටි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම තරගයේ තීරණය විශේෂ අවධානයකට ලක්‌ව තිබේ.
 
 බංග්ලාදේශයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය බාර ගැනීමෙන් පසුව දෙරට මුණගැසෙන පළමු තරගය බවට මෙය පත්වීමෙන් කණ්‌ඩායම් දෙකේ දක්‍ෂතාව මෙන්ම පුහුණුකරුවාගේ දක්‍ෂතාව මනින තරගයක්‌ බවටද මෙය පත්ව තිබේ.
 
 ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරීමේ අවස්‌ථාවක්‌ ඊයේ දහවල් වන විට නිර්මාණය වී තිබුණි. නමුත් මැතිව්ස්‌ අද තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න ඊයේ සවස්‌ වනතුරුත් ස්‌ථිර පණිවුඩයක්‌ බංග්ලාදේශයෙන් වාර්තා නොවුණි. යම් හෙයකින් මැතිව්ස්‌ ක්‍රීඩා නොකළහොත් ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්‌ඩායමට එක්‌වීමේ අවස්‌ථාවක්‌ ඇති අතර වනිඳු හසරංගගේ ස්‌ථානය නිරෝෂන් දික්‌වැල්ලට හිමිවීමේ අවස්‌ථාවක්‌ද තිබේ.
 
 සිම්බාබ්වේ සමග තරගය පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්‌ මෙම තරගයේදී එල්ල වී තිබේ. කෙසේ හෝ මෙම තරගය ජය ගනිමින් අවසන් මහා තරග බලාපොරොත්තුව ඇති කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කර මත පැටවී තිබෙද්දී බංග්ලාදේශය සටනට පිවිසෙන්නේ සිම්බාබ්වේ පරාජය කර දැමීමෙන් ලද ප්‍රසාද ලකුණු පහද අතැතිවය. 
 
 සිම්බාබ්වේ සමග තරගය පරාජය වූයේ පළමු පන්දුවාර දහයේදී වැඩි ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදීම සහ කඩුලු අතැතිව නොතිබීම නිසා බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. නමුත් තිසර පෙරේරා සහ කුසල් පෙරේරාගේ දක්‍ෂතා ශ්‍රී ලංකා නායකයාගේ වැඩි අවධානයට ලක්‌විය.
 
 බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ගහන හැටි බලන් ඉන්නවා - සිම්බාබ්වේ නායක ගේ්‍රම් ක්‍රීමර්
 
 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග වදින හැටි ඉතාමත් කැමැත්තෙන් බලා සිටීමට අවස්‌ථාව ලැබුණේ ශ්‍රී ලංකාව පරාජය කර දැමීමෙන් පසු බව සිම්බාබ්වේ නායක ගේ්‍රම් ක්‍රීමර් පවසයි. සිම්බාබ්වේ කණ්‌ඩායම වසර 15 කට පසු මධ්‍යස්‌ථ රටකදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක්‌ පරාජය කළ පළමු අවස්‌ථාවද මෙය විය.
 
 'අපි මේ තරගයේ" ලකුණු 260 ක්‌ විතර ලබා ගත්තොත් ඇති වෙයි කියලා හිතුවා. මොකද පිතිකරුවන්ගෙන් අපි ඊට වැඩි දෙයක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. බංග්ලාදේශ තරගයත් පැරදිලා හිටියේ. නමුත් ෂිකන්දර් රාසා පිත්තෙන් සහ පන්දුවෙන් හොඳින් දස්‌කම් දැක්‌වූවා. ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් පිති ප්‍රහාරයේ නිරත වුවත් අපේ පන්දු යවන්නන්ට ගෞරවය ලැබිය යුතුයි.' යෑයි සිම්මාබ්වේ නායකයා වැඩිදුරටත් පැවසීය. 

YOU MAY ALSO LIKE