Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

අංජුලා , බුවිනි එකම දවසක විවාහ ගිවිස ගනී. (PHOTOS)

14009Views

අංජුලා රාජපක්ෂ කියන්නෙ බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිපු ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක් විදියටත් කටයුතු කරන ඇය පුංචි තිරයේ හැඩකාර කටකාර රුවැත්තිය විදියට හඳුන්වනවා. 

ඉතිං ඒ ආදරණීය රංගන ශිල්පිනියට අද මංගල සීනු හැඬවිලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විසින් ඇය වෙනුවෙන් සාක්ෂි අත්සන් කරලා තිබීමත් විශේෂත්වයක්.

කොහොම වුනත් තමන්ගේ අනාගත සහකරුවා පිළිබඳව අංජුලා පුවත් පතකට මේ විදියට ප්‍රකාශ කරලා තිබුණා.

‘‘මම කැමැති මාව ආදරෙන් බලාගන්න, මාව තේරුම් අරන් ජීවත්වෙන කෙනෙක්ට. එයා ළඟ හොඳ ගතිගුණ තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාව නොතිබුණොත් පවුල් ආරවුල් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය කියන්නේ දෙතුන් පාරක් කරන්න පුළුවන් දෙයක් නමෛයි. ඒ නිසා විවාහයේදී මම හුඟක් පරිස්සම් වෙනවා..‘‘

ඒ වගේම නව පරපුරේ තවත් ප්‍රවීන රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ එහෙමත් නැත්තම් කවුරුත් දන්න වත්සලා සියලගොඩගෙ නංගිත් අද විවාහ වුනා. ඒ වත්තල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක.

 

  

YOU MAY ALSO LIKE