Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

රංජන්ගේ වීඩියෝ විනිසුරුවන්ගේ නිරීක්ෂණයට..!! අපි කොල පාට හොරු අල්ලන්න එපා කිවුවෙ නෑ. රංජන් නැවතත් ආණ්ඩුවේ රෙදි ගලවයි..!

1676Views

රංජන් රාමනායක නියෝජ්‍ය විසින් ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට සිදුකල ප්‍රකාශය තුලින් අධිකරණයට අපහාස වූ බව කියමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද විභාගයට ගැනුනා.

එහිදී එම ප්‍රකාශයට අදාල වීඩියෝ දර්ශන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ට නැරඹීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය එහි රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කරතිබූ අතර මෙම ප්‍රකාශයට අදාල සම්පූර්ණ වීඩියෝ දර්ශන ඇතුලත් සංයුක්ත තැටිය පෞද්ගලික රූපවාහිනි ආයතනයක් මගින් අධිකරණයට එවා ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළා.

රංජන් රාමනායක සිදු කර ඇති ප්‍රකාශයට අදාළ චෝදනා පත්‍රය ගොනු කිරීම එම ප්‍රකාශ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නැරඹීමෙන් පසුව එළඹෙන කරුණු මත සිදු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබූණා.

අනතුරුව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන් හමුවී අදාල සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් පැහැදිලි කලා.

(එහි සම්පූර්ණ වීඩියෝව පහතින්)

YOU MAY ALSO LIKE