Wednesday, May 23, 2018
- 0770586666

‘කිසි වැඩක් වුණේ නෑ‘ - හිටපු සුපිරි ඉන්දීය දඟ පන්දු යවන්නා ලංකාවට දෙහි කපයි..!

4885Views

පසුගිය ශ්‍රීලංකා සංචාරයෙන් ඉන්දියානු ක්‍රීඩකයන්ට කිසිදු වාසියක් අත් නොවූ බව හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං පවසයි.

දකුණු අප්‍රිකානු කන්ඩායම සමග පැවති තරඟ දෙකම පරාජය වීමත් සමග තරඟාවලියට පෙර ඉන්දියානු කණ්ඩායමේ සූදානම පිළිබඳ බොහෝ දෙනාගේ ප්‍රශ්ණ කිරිමට ලක්ව තිබේ.

“ බලන්න මම හිතන්නේ නෑ ශ්‍රී ලංකා සංචාරයෙන් අපිට වාසියක් ලබා ගැනීමට අවස්ථාව  ලැබුණා කියලා. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කලින් දකුණු අප්‍රිකාවට යන්න තිබුණා. එසේ නොමැතිවූවා නම් ධර්ම්ශාලා සූදානම් වීමට හොඳ ස්ථානයක් ” යැයි ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් ජොහැන්නස්බර්ග්හිදි පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය ජයගෙන තරඟාවලිය හොඳින් නිමකිරීමේ අවස්ථාව ඉන්දියාවට ඇති බවත්, ඉෂාන්ට් ෂර්මා වෙනුවට බුවනේෂ්වර් කුමාර් ඉන්දීය කන්ඩායමට ඇතුළත් විය යුතු බව හිටපු ඉන්දීය දඟපන්දු යවන්නාගේ අදහස වී තිබේ.


 

YOU MAY ALSO LIKE