Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තංගල්ලේ මුහුදු තීරණයෙන් අමුතුම සත්ව විශේෂයක් මතුවෙයි - ලොකු විපතක පෙර නිමිත්තක්ද..? (PHOTOS)

2951Views

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුනොවූ පොකිරිස්සන් විශේෂයක් තංගල්ල මුහුදු තීරණයෙන් වාර්තා වී ඇත.

පසුගිය 21 වැනිදා තංගල්ලෙන් මුහුදු ගිය ධීවරයෙකුට මෙම පොකිරිස්සන් විශේෂය හමුව තිබේ.

නාරා ආයතනය සඳහන් කරන්නේ මෙලෙස වාර්තා වී ඇත්තේ පැසිෆික් සාගරයේ වෙසෙන පොකිරිස්සන් විශේෂයක් බවයි.

එසේම මෙම පොකිරිස්සන් විශේෂය ලංකාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද නාරා ආයතනය පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන නාරා ආයතනයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසනුයේ “ලංකාවේ මෙතෙක් හමුවූ පොකිරිස්සන් විශේෂයට අමතරව මේ පොකිරිස්සන් විශේෂය ඉතාමත් සුවිශේෂී පොකිරිස්සන් විශේෂයක්. මෙම පොකිරිස්සන්ගේ ස්පර්ශක ඉතාමත්ම කෙටියි. ඒ වගේම පැහැය තනි වර්ණයක් දැකීමට ලැබෙනවා. තැඹිලි පැහැති වර්ණයක් දක්වනවා. මේ පොකිරිස්සන්ගේ පූර්ව පාද ඉතාමත් විශාලයි. දේහයේ උඩුකබල ගත් විට ඕවලාකාර හැඩයක් ගන්නවා. වලිගයට සාපේක්ෂව එම කොටස විශාලයි” යනුවෙනි.