Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

‘ඔබ ලෝකෙ හොඳම ක්‍රීඩකයා වෙන්න පුලුවන්..ඒත්..‘ - දකුණු අප්‍රිකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් නායකයාගෙන් කෝලිට කනේ පහරක්.. (PHOTOS)

5768Views

කෝලි ඉන්දියාවේ දිගු කාලීන නායකත්ව විකල්පයක් දැයි තමාට සැක සහිත බව දකුණු අප්‍රිකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් නායකයා වන ග්‍රෑම් ස්මිත් පවසයි.

එමෙන්ම කෝලි සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබාගන්නේ දැයි තමාට ප්‍රශ්ණයක් ඇති බවත්, ඔහු ක්‍රීඩකයන් සමග අදහස් බෙදාහදාගත යුතු බවත් නායකයෙකු ලෙස පරිණත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියයි.

කෝලි ඔහුගේ ක්‍රීඩාව හඳුනන නමුත් කෝපකාරි ලෙස හැසිරිම විසදුම නොවන බවද ඔහු කියයි.

‘‘ඔබ මේ ලෝකයේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුලුවන් ඔබ ඒ තත්වයට කැමති වෙන්න පුලුවන් නමුත් ඔබ ඔබේ කණ්ඩායමේ ක්‍රීඩකයන් මොන වගේ තත්වයක පසුවනවද කියලා දැනගත යුතුයි‘‘

කෝලිගේ අදහස් විවේකාගාරයේදී  අභියෝගයට ලක් නොවන බව තමාට හැඟෙන බවත් හිටපු දකුණු අප්‍රිකානු නායකායගේ අදහස වී තිබේ.එසේම ඔහුගේ ඇතැම් හැසිරීම් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට අයහපත් ලෙස බලපාන බවද ඔහු කියයි.

‘ඔහු අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන්න යනවා එය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩයන්ට සෘණාත්මක ලෙස බලපාන්න පුලුවන්..අපි දන්නාවා කෝලි කියන්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බලවත් පුද්ගලයෙකුද කියලා.නමුත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩයන් සමග සම්බන්ධ වීමට ඔහු ක්‍රමයක් සොයාගත යුතුයි...‘‘

නිමාවූ ඉන්දියා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේදී විනය විරෝධී හැසිරීමක් නිසා අයිසිසිය විසින් කෝලිට දඩයක් නියම කළේය. 
 
තරගාවලියේ මෙතෙක් පැවති තරඟ දෙකේම ජය හිමිවූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමට වන අතර , තුන්වන ටේස්ට් තරඟය අද ආරම්භ වීමට නියමිතය.
 

 


 

YOU MAY ALSO LIKE