Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘සමහරු මගේ දුවව අල්ලන්නත් බය වුණා..ඉස්සරහ සීට් එකේ හිටිය දොස්තර මහත්තයා තමයි සල්ලි ගෙව්වේ‘ - පැපොල වැළඳී මරු තුරුලට ගිය පුංචි දියණියකගේ මව කළ සංවේදි ආයාචනය (PHOTOS)

8049Views

පැපොල රෝගය වැලඳී ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ  ඉගනුම ලබමින් සිටි 13 හැවිරිදි පාසල් දැරියක් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ  උණවටුණ ගල්කැටියේ පදිංචිව සිටි යෙලනි  ඕවින්දි රාජරත්න නැමැති දැරියයි.

ඉගෙනීමට මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම්වලටද එකසේ දස්කම් දැක්වූ ඇය ලියූ කවි විශේෂයෙන් පාසලේ ආචාර්ය මණ්ඩලයේද ඇගයීමට ලක්විය.

මේ අතර යෙලනිට පැපොල රෝගය වැලඳිණ. ඇය නිවසේ ආරක්ෂාකාරිව සිටියාය. එහෙත් ඇයගේ පැපොල රෝගය උත්සන්න විය. වහාම කරාපිටිය රෝහලේ 14 වාට්ටුවට  ඇතුළත් කරනු ලැබීය.

කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම දැරිය කොළඹ අයි.ඞී.එච්. රෝහලේ සිට නිවසට පැමිණියේ ඥාතීන්ගේ කර මතිනි. දැන් යෙලනි සියල්ල හැරගොස් හමාරය එහෙත් ඇයගේ මව රජයෙන් ඉල්ලා සිටින එක් ඉල්ලීමකි. එය තම දියණියගේ මරණය වෙනුවෙන් පරීක්ෂණ කරන ලෙස හෝ වෙනත් දෙයක් ලබාදෙන ලෙස හෝ  කරන ඉල්ලීමක් නොව මුළු රට වැසියන් වෙනුවෙන්ම කරන ඉල්ලීමකි.

”මගේ දුවට පැපොල රෝගය හැදුණා. ඒ අතර ඇයට වෙනත් ලෙඩකට දෙන බෙහෙතක් දුන්නා.ඒ අතර පැපොල උත්සන්න වුණා. ඒ නිසා කරාපිටිය රෝහලේ දාහතරෙ වාට්ටුවට ඇතුළත් කළා. දරුවගේ තත්ත්වය බරපතළ නිසා  අයි.ඞී.එච්. රෝහලට යැවීමට වෛද්‍යවරුන් තීරණය කළා. ඒ අනුව දෙසැම්බර් දාහත් වැනිදා ගිලන් රථයෙන් අයි.ඞී.එච්. රෝහලට ගෙන ගියා.

සමහරු මගේ දුව අල්ලන්න බය වුණත් වාට්ටුව භාර දොස්තර මහත්තයා ගිලන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වුණා. දරුවත් එක්ක මාත් ගියා. ගිලන් රථය ගියේ අධිවේගී මාර්ගයේයි. ඒකට සල්ලි ගෙව්වේ ඉස්සරහ සීට් එකේ හිටිය දොස්තර මහත්තයා. කීයක් ගෙව්වද කියල මම දන්නේ නැහැ.  අධිවේගි මාර්ගයේ එන විටත් දොස්තර මහත්තයගේ අතින් සල්ලි ගෙවන්න ඇති.

මගේ ඉල්ලීම රෝගීන් ගෙන යන ගිලන් රථවලින් මුදල් අය කිරීම ඉවත් කරන්න කියලයි. මේ ගෙනියන්නේ ජීවිතයත් මරණයත් අතර ඉන්න රෝගියෙකුයි. සමහර විට එක විනාඩියත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වටිනවා. අනික් පැත්තෙන් අසරණ රෝගියකුගෙන් මුදල් ගැනීම. ඒ නිසා මම ඉල්ලන්නේ හදිසි රෝගීන් ගෙන යන ගිලන් රථ වලින් මුදල් අය කරන්න එපා කියලයි.