Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" එයා හිටියේ එහා පාරේ , බැදපු නිසා රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා " සැමියා වෙනුවෙන් බුවනි විශේෂ කැපකිරීමක් කරන්න යයි .!

3585Views

බුවනි චාපා දියලගොඩ රංගන ශිල්පිණිය විවාහ ගිවිසගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු.  සිය සැමියා සහ විවාහය පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් බුවනි අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින්

බුවනි හොරෙන්ම විවාහ ගිවිස ගත්තානේද?

හදිසියේම නෙමෙයි. සැලසුම් කරලා තමයි කළේ. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ගේ කැමැත්ත අරගෙන අපි තීරණය කළා විවාහ ගිවිස ගැනීම සිදුකරන්න.

මේ ආදර කතාවට කොච්චර කාලයක්‌ වෙනවාද?

මාස පහක්‌ හයක්‌ විතර වෙනවා.

විවාහ ගිවිස ගත්තේ කාත් එක්‌කද කිව්වොත් ?

එයාගේ නම කසුන් දේවින්ද ගාල්ලගේ. උපන් ගම පොළොන්නරුව. ව්‍යාපාරිකයෙක්‌. ඒවා සිදුකරන්නේ කොළඹ.

කසුන්ව මුලින්ම කොහේදිද දැක්‌කේ ?

උපන් ගම පොළොන්නරුවේ වුණාට ව්‍යාපාරික කටයුතු හින්දා ඔහු පදිංචිවෙලා ඉන්නේ කොළඹ. අපේ ගෙවල් කට්‌ටුවම තමයි.

ඒ කියන්නේ එක ගමේ ?

ඔව්. හරියම අපේ ගෙදරට අල්ලපු පාරේ. එකම පටුමගේ.

කසුන්ව පුංචි කාලේ ඉඳන් දන්නවාද?

අනේ නැහැ. ඔහු කාලයක්‌ තිස්‌සේ එතැන හිටියට එහෙම දැකලා තිබුණේවත් කතා කරලා තිබුණේවත් නැහැ. ඒත් පස්‌සේ කොහොම හරි දැකලා කතාබහ කරලා මුලින්ම යාළුවෝ විදිහට ආශ්‍රය කළා.

අන්තිමේ ඒ යාළුකම ආදරයට පෙරළුණේ?

ඔව්. අන්තිමේ ඒ මිත්‍රත්වය ආදරයට පෙරළුණා. මුලින්ම ආදර යෝජනාව ගෙන ආවේ කසුන්.

ඒ යෝජනාවට බුවනි එක පයින් කැමැති වුණා?

ඊට පස්‌සේ අපි දෙන්නාගේ වැඩිහිටියන් දැනුවත් කරලා තමයි ආදර සම්බන්ධය පටන්ගත්තේ. හැබැයි ඒ කිසිදෙයකට වැඩිකාලයක්‌ ගත්තේ නැහැ.

එතකොට මේකත් අසල්වාසී ප්‍රේමකතාවක්‌ ?

ඔව්නේ. මේක අසල්වාසී ප්‍රේම සම්බන්ධයක්‌. මම වාහනේ එහෙට මෙහෙට යනවා කසුන් දැකලා තිබුණා. හැබැයි මම කසුන්ව දැකලා තිබුණේ නැහැ. කසුන් මගේ ගෙවල් කොහේද කියලත් එහෙම හොයාගෙන තිබුණා. කසුන් මට ෆේස්‌බුක්‌ එකේ රික්‌වෙස්‌ට්‌ එකක්‌ දාලා තිබුණා.

ඒ සම්බන්ධය අන්තිමේ ගොඩක්‌ දුරදිග ගියා. එහෙමනේ ?

ඔව්. අපි ෆේස්‌බුක්‌ එකේ චැට්‌ කළා. ඊට පස්‌සේ දුරකථනයෙන් කතාබහ කළා. අන්තිමේ හොඳ යාළුවෝ වුණා.

විවාහ උත්සවය මේ අවුරුද්දේ ජයටම ගන්නවා කියලත් ආරංචියි ?

වෙඩින් එක මැයි මාසයේ ගන්න තමයි හිතාගෙන ඉන්නේ. විවාහ ගිවිසගැනීම අවසන් වෙලා මහ කාලයක්‌ නැහැ තව මාස හතරක්‌ වගේනේ තියෙන්නේ. ඉතිං මේ දවස්‌වල වෙඩින් එකට ලෑස්‌තිවෙනවා.

බුවනි රඟපෑමෙන් ඉවත්වෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මම රඟපෑමෙන් ඉවත්වෙනවා.

අක්‌කා වගේ නංගිත් රංගනයට සමුදෙන්නද සූදානම්ද?

ඔව්. මම සියයට සියයක්‌ම රංගනයෙන් සමුගන්නවා. මොකද සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

රඟපෑමෙන් සමුගැනීම අපරාධයක්‌ නෙමෙයිද?

කලාවට මම හරි ආදරෙයි. මට මගේ ජීවිතයේ ගොඩක්‌ දේවල් කලාව නිසා ලැබුණා. මම කලාවෙන් ඉවත්වුණත් මගේ හිතේ කලාවට තියෙන ආදරය, ප්‍රේක්‍ෂකයන්ගෙන් මට ලැබුණ ආදරය හැමදෙයක්‌ම මගේ ළඟ ඒ විදිහටම තියේවි. මම හිතනවා ප්‍රේක්‍ෂකයන්ට මාව අමතකවෙන එකක්‌ නැහැ කියලා. මොකද මම ප්‍රේක්‍ෂකයන්ගේ හිතේ රැඳෙන චරිත කරලා තියෙනවා. පුංචි දුකක්‌ තියෙනවා. ඒ වුණාට මගේ පවුල වෙනුවෙන් මම ඒ කැපකිරීම සිදුකරනවා.

රඟපෑමෙන් සමුගන්න කිව්වේ කසුන්ද?

කාගෙවත් බලකිරීමෙන් අපි අකමැති දෙයක්‌ අපිට කරන්න බැහැනේ. විවාහයෙන් පසුව රඟපෑමෙන් සමුගන්නවා කියන පෞද්ගලික මතයක්‌ මට එදා ඉඳන් තිබුණා. කොහොමත් කසුන්ගේ ව්‍යාපාර කටයුතු ඔහුගේ පවුලේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න ඕනෑ. කොහොමත් මට ඒ දෙකම සමබරව කරගෙන යන්න අමාරුයි. ඉතිං ඒක නිසා එයාට උදව් කරගෙන එයාට සහයෝගය දක්‌වලා එයත් එක්‌ක ඉන්න තමයි මගේ බලාපොරොත්තුව.

බුවනි ඉදිරියේදී හොඳ බිරිඳක්‌ වෙන්නද කැමැති ?

ඔව්.

මේ දක්‌වා භාරගත්තු වැඩවලට මොකද වෙන්නේ ?

මාස හතරක පහක විතර ඉඳන් මම අලුතෙන් වැඩක්‌ භාරගත්තේ නැහැ. භාරගත්තු වැඩටික සියල්ලම අවසන් කරලයි තියෙන්නේ. මේ දිනවල චිත්‍රපටයක රූගත කිරීම් පවා අවසන් කළා. ලබන මාසයේ විතර තමයි චිත්‍රපටයේ වැඩි විස්‌තර මාධ්‍යයට කියන්න වෙන්නේ. ඒ ගැන දැන්ම කියන්න බැහැ.

චිත්‍රපටයේ ප්‍රචාරක වැඩවලට දායකවෙන්නේ නැතිද?

මම කරපු නිර්මාණවලට සාධාරණයක්‌ ඉෂ්ට කරනවා. රංගන ශීල්පිණීයක්‌ විදිහට වගේම මගේ වෘත්තියට ගරු කිරීමක්‌ විදිහට ඒ කටයුතුවලට සාධාරණයක්‌ ඉටුකරන්න එපායෑ. ඒ ගරුත්වය නැතිකරගන්නේ නැහැ. ප්‍රචාරණ කටයුතුවලට මගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙනවා. අලුත් නිර්මාණ නම් භාරගන්නේ නැහැ.

 

සංවාදය : දිනේෂ් විතාන / දිවයින