Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වාර්තා දෙකක් අභියස, ලක්මාල් - ටීම්ම් සුපිරිතමයන් අතරට එක්වෙන්න සැරසෙයි..!

3755Views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කන්ඩායම අතර ටෙස්ට් තරඟය අද චිතගොංහිදි ආරම්භ වුණා.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශ කන්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මේ වන විට ඔවුන් පන්දුවාර 14ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටිනවා.

මෙම තරඟයේදී බංගලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළ පළමු පිතිකරුවා වීමේ අවස්ථාව ටමීම් ඉක්බාල්ට උදාවී තිබෙනවා.ඒ සඳහා ඔහුට තවත් අවහ්‍ය වන්නේ ලකුණු 62 ක් පමණයි.ඔහු අද අර්ධ ශතකයක් වාර්තා කළ අතර ලකුණු 52 ලබා සිටියදී දිල්රුවන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ටද මෙම තරඟයේදී  වාර්තාවක් පසු කර යෑමට අවස්ථාව තිබෙනවා.ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100ක් දවාගත් 4වන වේග පන්දු යවන්නා ලෙසයි.මීට පෙර චමින්ද වාස් (355) , ලසිත් මාලිංග (101), දිල්හාර ප්‍රනාන්දු (100) එම කඩඉම පසුකළ ක්‍රීඩකයන් අතරට එක්ව සිටියා.