Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" අක්කා නම් ඉතින් මට එක එක දේවල් කියනවා , හිනාවෙනවා " ජනප්‍රිය ළමා නළුවා හෂීන් මදුක කියු කතාව .!

4469Views

පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන්ද රසික ආකර්ෂණයට පත් ඔහු හෂීන් මදුක, කුඩා වයසේදීම ජනප්‍රියත්වයට පත්වූ හෂීන් සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක් වෙමින් හෙළිකර තිබුනේ මෙලෙසයි,
එම සංවාදය පහතින්

ගෙදර අය කැමැති වුණාද ඔයාව රඟපාන්න යවන්න?

ඔව්. ගෙදර අය අකැමැති වුණේ නෑ. මං රඟපාන්න යනවට. එයාලා මට උදව් කරනවා තව ඉස්සරහට යන්න.

තාම ඉස්කෝ‍ලේ යන හින්දා අධ්‍යාපන කටයුතුවලට රඟපෑම බාධාවක් ‍නෙවෙයිද?

මම දැන් හත වසරේ ඉන්නේ. ගම ඇහැළියගොඩ. මගේ පාසල එල්ලාවල පහළගම විද්‍යාලය. රඟපාන්න යනකොට ඉස්කෝ‍ලේ වැඩ ගොඩක් තවම පාඩුවෙලා නම් නෑ. එහෙම පාඩු වුණොත් ඒ වෙලා තියෙන්නේ ඉතින් කලාතුරකින් තමයි.

ඉස්කෝලෙ යාළුවන්ගෙනුත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

යාළුවොත් මාත් එක්ක ගොඩක් කියනවා. හැමෝටම ඉතින් හරි සතුටුයි මම රඟපාන එක ගැන. ඒ හින්දා හැමෝම යාළුවෝ මට සුබ පතනවා. තව ඉස්සරහට යන්න.

එතකොට ගුරුවරු මොකද කියන්නේ?

ගුරුවරුන් ගොඩක් හොඳයි කියලා තමයි ඉතින් කියන්නේ. ඉස්කෝ‍ලේ වැඩවලට පාඩුවක් වෙන්නේ නැති විදියට රඟපාන දේවලුත් කරන්න කියලා තමයි ඉතින් ගුරුවරු කියන්නේ.

කවදා හරි නළුවෙක් වෙන්නම හිතාගෙනද රඟපාන්නේ?

එහෙමම හිතාගෙන රඟපාන්නේ නෑ. හැබැයි මම ගොඩක් ආසාවෙන් රඟපාන්නේ.

එතකොට අනාගතේ කවුරු වෙන්නද  බලා‍පොරොත්තුව?

මම කැමැති විද්‍යාඥයෙක් වෙන්න. මගේ අනාගත බලා‍පොරොත්තුව ඒක. හැබැයි මම රඟපාන්නත් කැමැතියි දිගටම.

රඟපෑම ගැන ඉස්සරහට ඉගෙන ගන්න කැමැති නැද්ද?

කැමැති රඟපෑම ගැන තව ගොඩක් ඉගෙනගෙන හොඳ දක්ෂ කෙනෙක් වෙන්න මම කැමැතියි.

රඟපාන්න  විතරමද දක්ෂ?

නෑ. මට සිංදු කියන්නත් පුළුවන්. නැටුම්වලටත් දක්ෂයි. ඉගෙනීම් වැඩවලටත් ඒ වගේම දක්ෂයි.

ගෙදර අය මොකද කියන්නේ ඔයාගේ රඟපෑම් දැකලා?

මට අක්කා කෙනෙක් ඉන්නවා. එයා නම් ඉතින් මට එක එක දේවල් කියනවා. හිනාවෙනවා. හැබැයි අම්මට, අක්කට හැමෝටම සතුටුයි. මාව ටී.වී. එකෙන් දකිනකොට.

ඔයාට මොකද හිතෙන්නේ, ඔයාව ටී.වී. එකෙන් දකිනකොට?

ගොඩක් සතුටු හිතෙනවා, මට මාව ටී.වී. එකෙන් දකිනකොට. ඉතින් ඒ නිසාම මම හරි ආසාවෙන් තව රඟපානවා.

 


 

 
සංවාදය : නඳුනි අරියවංශ / රිවිර
 

YOU MAY ALSO LIKE