Thursday, January 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නිළ ප්‍රතිඵලත් නැති අතරේ පිල් මාරුවක්..? - එජාප සන්ධාන ප්‍රබලයෝ අමාත්‍ය ධූර අත්හරී..?

29654Views

2018 පළාත් පාලන නිළ නොවන ඡන්ද ප්‍රතිඵලයත් සමග දේශපාලන පිටිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

නිකුත් වී ඇති එම ප්‍රතිඵලයන්ට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ජනමතයක් දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වන විට නිළ ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ කොට්ඨාශ කිහිපයක පමණක් වන අතර ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහාතකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව වාර්තාවෙයි.

නිළ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනය පහතින්.


 

 

 

YOU MAY ALSO LIKE