ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වාඩිවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම මැති ඇමති කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් මේ බව තහවුරු කළේය.
මේ අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝ්ජනය කරන මැති ඇමති කණ්ඩායම ඊයේද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර අද දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඔවුන් විපක්ෂයේ වාඩිවුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට තිරණයක් ගෙන නොමැත.