Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ආසනයත් පරාදයි " ක්‍රිඩා ඇමති දයාසිරිට ඇමතිකම අහිමි වෙයි ?

4941Views

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. 

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජය හේතුවෙන් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර සිය ඇමතිධූරය අත්හැරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. 
එම මැතිවරණයෙන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කළ එජාපය පරදා විශිෂ්ට ජයක් ලැබීමට හිටපු ජනපති මහන්ද රාජපක්ෂ සහය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය..

ක්‍රීඩා ඇමති වරයා නියෝජනය කරන ආසනයද   හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ සහය දුන් ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ ජය ගැනීම සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සම්බන්ද ශ්‍රිලනිපයේ ඇමතිවරයෙකු ලෙස දයාසිරි ජයසේකරට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා. 

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්යේ පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක වන අතර එම සභාවේ කොට්ඨාස 22 න් 18 ක් පොහොට්ටුව දිනූ අතර 3 ක් එජාපයට ත් 1 ක් ශ්‍රිලනිප දිනා ගත්තේ ය. එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11794 ක් වන අතර අමාත්‍යවරයා ගේ ශ්‍රිලනිප කණ්ඩායම 3 වෙනි ස්ථානයට වැටි ඇත.
 

YOU MAY ALSO LIKE