Monday, December 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකා පිලට ප්‍රබල ක්‍රීඩකයෙකු අහිමි වෙයි..!

2551Views

වෛද්‍ය උපදෙස් මත  කුසල් ජනිත් පෙරේරාට බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ තරඟය 02ක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව ශූරයින් බවට පත් කරමින් පසුගියදා නිමාවට පත්වූ තුන්කොන් තරඟාවලියේ සිම්බාබ්වේ පිල සමග පැවති තරඟයේදී කුසල් පෙරේරා ආබාධයට ලක්විය.

මෙම ආබාධය සුව වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

කුසල් ජනිත්ගෙන් හිස්වන තැන කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර,තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්වී ගියේය.

 


 

YOU MAY ALSO LIKE