Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දකුණේ ඡන්ද මහින්දට නිසා ෆෙඩරල් රාජ්‍යය සිහිනයක් වෙලා , දෙමළ සංවිධාන එකට එකතු විය යුතුයි" සුමන්දිරන්ගෙන් විශේෂ ප්‍රකාශයක් .!

6789Views

පළාත් පාලන මැතිවරණයේදී දකුණේ බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබිම නිසා යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කිරීමට සිදුව ඇති තත්ත්වයක් උද්ගත වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්  සඳහන් කර ඇත. පෙරේදා (11) යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

"මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ අතුරු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමටයි. නමුත් දැන් දකුණේ බලය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබෙනවා.
මේ නිසා දෙමළ ජනතාවට පෙඩරල් පාලනය සිහිනයක් වන්නට පුළුවන්. ඒ නිසා උතුරේ සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය වශයෙන් ඒකාබද්ධ වී කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා" ලෙසින් සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.  
 

YOU MAY ALSO LIKE