එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් හා සාකච්ඡාවකින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අද (13) රාත්‍රියේ ජනපති හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි වාර්තාවේ.එක්සත් ජාතික පක්ෂ රජයක් නිර්මාණය කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අවසරයකින් තොරව අගමැති තනතුර භාර නොගන්නා බව කතා නායක කරු ජයසූරිය සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසා තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද දින ජනාධිපතිවරයා හමුව ඇති අතර, ඇමරිකානු තානාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව ඇති බවද වාර්තාවෙයි.