Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඒ මගහැරුණු ආදර හදවත් ආයෙමත් ළං කරගන්න , චුට්ටක් නැවතිලා මේ කතාව අහන්න (VIDEO)

1981Views

හෙට ආදරවන්තයන්ගේ දිනය.. ඔයා ජයටම සමරන්න ලෑස්ති වෙලා ඇති.. 

ඊට කලින් චුට්ටක් නැවතිලා මේ කතාව අහන්න..

අපි හැමෝටම ආදරය ඕන. ආදරය නැතුව අපිට ජීවත් වෙන්න බෑ.. ඒක මිනිස්සුන්ගේ හැටි.. 

අපිට ආදරේ ලැබෙන්නෙ ඉපදුනු දවසෙ ඉදන්ම..

ඔයා ඉපදුනු ගමන් , පපවුට තුරුලු වෙලා ඉද්දි ලැබෙන අම්මගෙ ආදරේ..

ඔයයි අම්මයි දිහා බලාගෙන ඇස් වල සතුටු කඳුලු පුරවන් ඉන්න තාත්තගෙ ආදරේ..

ඉස්කොලෙට ගිය දවස් වල ඉදලා සාරි පොටෙ එල්ලිලා ඉඳපු ගුරුවරුන්ගේ ආදරේ..

ඊට පස්සෙ හැමදේටම නැතුවම බැරි උනු, හැමදේදීම ළඟ ඉදපු යාලුවන්ගේ ආදරේ

හිතුවෙවත් නැති විදියට හමුවෙලා ජීවිතේ හැම දුකක්ම සැපක්ම බෙදා ගෙන ඔයාව නැතුවම බැරි එයාගේ ආදරේ.. 

හැබැයි ජීවිත වලට වගකීම් දැනෙද්දි,කාර්යබහුල වෙද්දි සමහර වෙලාවට ඒ ආදරණීය බැඳිම් ඔබෙන් දුරස් වෙනවා කියලා ඔබටම දැනිලා ඇති..හැබැයි ඔබට පුලුවන් හැම මොහොතකම ඔවුන් සමග ගතර කරන්න, සිනහා වෙන්න, පුංචි ඇමතුමක් දීලා ඔවුන් ගැන සොයා බලන්න..  ​සැකයක් නැහැ ඔවුන් බොහෝ සතුටුවේවි..මොකද..

ජිවිතේ ලස්සන වෙන්නෙ ආදරය නිසා..

ආදරය ලස්සන වෙන්නෙ මේ හැමෝගෙම ආදරය නිසා..

ඉතින් ආදරවන්තයන්ගේ දවස ආදරෙන් සමරමු.. මේ හැමෝගෙම ආදරේ එක්ක.

 

 

YOU MAY ALSO LIKE