Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

" ඉල්ලුවේ පොහොට්ටුවෙන් , ලොකු ලොකු පක්ෂ වල අය මම පරද්දන්න එක එක දේවල් කළා" ඉතිහාසයම අලුත් කරමින් පොහොට්ටුවෙන් ඡන්දය දිනා සභාවට යන ආදීවාසී තරුණිය .!

3340Views

ඉතිහාසයේ ප්‍රථම වරට පළාත් පාලන මැතිවරණයකින් ජයග්‍රහනය කළ ආදීවාසි තරුණියක් පළාත් පාලන ආයතනයක් සදහා තේරී පත්වී තිබේ. ඒ දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ විඡේසුන්දර මුදියන්සේලාගේ ශිරෝමාලා ය. ඈ හේනානිගල ජන්ද කොට්‌ඨාශයෙන් ඡන්ද 915 ක්‌ ගෙන ලංකාවේ ප්‍රථම ආදිවාසී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ලෙස දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාවට 2018 පළාත් පාලන මැතිවරණයෙන් පත්ව සිටී. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස හෝ සභාපතිනිය ලෙස තව නොබෝ දිනකින් ඇය දිවුරුම් දීමට නියමිතය. ඇය තමන් ලැබූ ජයග්‍රහනය පිළිබදව ශිරෝමාලා මාධ්‍යයට පවසා තිබුනෙ මෙලෙසය.

"ආදිවාසීන් වන අප ප්‍රශ්නවලින් මිරිකිලා, ගැටලුවක්‌ ඇතිවුවහොත් කිසිවකුට කියාගන්න බැරි තරමට ගැටලු ගොඩගැහිලා තියෙනවා. දඩයමේ ගොස්‌ දඩමස්‌, මී පැණි හේනානිගල වැවේ මාළු ටික අල්ලාගෙන අපි ජීවත් වුණා. කැළේට යන්න තහනම් නිසා ආදිවාසීන් වන අපට ජීවත් වීමට තිබුණු එකම මගත් නැතිව ගියා. 

මගේ තාත්තා මැම්බර් ගැන අම්මා එක්‌ක කතා කරනවා මට ඇහුණා. මැම්බර් කෙනෙක්‌ කියන්නේ කවුද? කරන්නේ මොනවාද කියලා මා කවදාවත් දැනගෙන සිටියේ නැහැ. මෙවර පළාත් පාලන මැතිවරණය එන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්‍ෂයෙන් දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලන්න කියලා හේනානිගල ආදිවාසී ගම්මානයේ සුගතේ මාමා මගේ ගෙදරට පැමිණ යෝජනා කරනකොට මට ගොඩක්‌ බය හිතුණා. මා අකමැති වෙලා සිටින විට, මගේ සැමියා මට කිව්වා හැමදාම ගෙදරට කොටුවෙලා ඉන්න ඕන නැහැ කියලා. එවලේ මගේ සැමියාගෙන් ලැබුණ ධෛර්ය තමයි මට මේ ජයග්‍රහණය ලබාගන්න උපකාර වුණේ.

දඹාන ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ හමුවන්න ගිහින් උපදෙස්‌ ගත්තා. මගේ ගමේ ආදිවාසී හා සියලුම ජනතාව මට ආශිර්වාද කිරීමට රංචු පිටින් මගේ දුප්පත් පැළට ආවා. ඇවිත්... කොහොම හරි ඡන්දය ඉල්ලන්න අපි දිනවලා දෙන්නම් කියලා කිව්වා. ගෙයක්‌ ගෙයක්‌ ගානේ යන විට කිසිම කෙනෙක්‌ මගේ හිත රිදෙන විදිහට කිසිවක්‌ කීවේ නැහැ. හැමෝම මට ආශිර්වාද කළා. මාව පරාද කරන්න ලොකු පක්‍ෂ වලින් එක එක උපක්‍රම යෙදුවා. ඒ උපක්‍රම ඒ අයටම පාරවළල්ලක්‌ වුණා. ගමේ සියලුම දෙනාගේ උපරිම සහයෝගය නිසා ඡන්ද 1269 කින් මට ඡන්ද 915 ක්‌ ලැබුණා. එයින් මා හේනානිගල ආදිවාසී ගම්මානයේ ප්‍රථම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ලෙස පත් වූවා යෑයි ඇය පැවසුවාය.

මැතිවරණයටට වියදම් කරන්න මා ගාව සල්ලි තිබුණේ නැහැ. මගේ හොඳ හිතට තමයි අපේ අය ඡන්දෙ දුන්නේ. ඡන්ද මධ්‍යස්‌ථානයේ නිලධාරි තුමා මම දිනුම් කියලා කියනකොට මට පුදුම සතුටක්‌ දැනුණා. මට මගේ ගමේ ජනතාව ගැන ලොකු විශ්වාසයක්‌ තිබුණා. ඒ විශ්වාසය මා මන්ත්‍රීවරියක්‌ බවට පත් කළා යෑයි ඇය පැවසුවාය.

මගේ ජයග්‍රහණයට උරදුන් විමලවීර දිසානායක හිටපු ඇමැති තුමාට සුගතේ මාමා ඇතුළු සියලුම දෙනාට කෘතඥපූර්වක ගෞරවනීය ස්‌තූතිය පුද කරනවා"

YOU MAY ALSO LIKE