Sunday, April 22, 2018
- 0770586666

මහරගමින් දෙන්නයි..ඉතිරි ඔක්කොම බඩල්ගමින්.. - මහරගම බලය අහිමි කරමින් බයිසිකලයේ කෑලි ගැලවෙයි..? (PHOTOS)

11470Views

පසුගිය පළාත් පාළන මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධින කන්ඩායමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.මේ නිසාම මහරගම නගර සභාවේ නිළ ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.නාමයෝජනා බාර දෙන මොහොතේදී පොදුජන පෙරමුණ පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි වුණා.

කෙසේ වෙතත් මෙම අපේක්ෂක ලයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන බවත් අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය  දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වනවා.

මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වනවා. 

නගර සභා සංශෝධන ආඥා පනත අනුව සියලුම අපේක්ෂකයන් අදාළ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවන් බවට තහවුරු කළ යුතු යැයි සඳහන් වගන්තිය අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මහරගම බලය හිමිකරගත් මෙම ස්වාධීන කණ්ඩායමට  එරෙහිව අධිකරණය හමුවට යෑමට තීරණය කර තිබෙනවා.



 

 

YOU MAY ALSO LIKE