Saturday, April 21, 2018
- 0770586666

බලය අල්ලන්න වෙනත් පක්ෂ සමග එකතු වෙනවාද ? පොහොට්ටුවේ තීරණය එළියට .!

3837Views

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් බහුතර බලයක් ලබා ගත නොහැකි වූ  සහ පරාජයට පත් වුණු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආසන ලබාගත් වෙනත් පක්ෂ වල සහය ලබා ගැනීම ප්‍රතිෂේප කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඇතැම් පළාත් පාලන ආයතන සදහා කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුනු අතර එවැනි ආයතන සදහා බලය පිහිටුවීම දේශපාලන පක්ෂ දෙකක් හෝ කිහිපයක් එකතු විය යුතු වෙනවා,

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාවක් නොමැතිබව පැවසෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි සන්ධානයකට නොඑළඹෙන බව එම පක්ෂයට සහය දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

හිටපු කතානායක චමල් රාජපක්ෂද මාධ්‍යය අමතමින් පැවසුවේ ජනවරම පවතිනේ පොදුජන එක්සත් පෙරමුණ සමග නිසා කිසිදු දේශපාලන පක්ෂයක් සමග සංධාන ගත වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි

YOU MAY ALSO LIKE