Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බ්‍රිගේඩියර් ප්‍රියංකර ලංකාවට එද්දි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඉල්ලා අස්වෙයි? සතියකට කලිනුත් ලංකාවට කැඳවලා - සියලු විස්තර මෙන්න..!

2982Views

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ අමාරි විජයවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.
 
 ඇය සිය ඉල්ලා අස්‌වීම ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති අතර එය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් භාරගෙන තිබේ.
 
 මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව එරට දෙමළ ඩයස්‌පෝරාව විසින් පළකර ඇති විරෝධතාව සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පසුගිය සතියේ අමාරි විජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවට කැඳවූ බවයි.

මෙම ඉල්ලා අස්‌වීම සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අමාරි විජයවර්ධන මහත්මියගේ සේවා කාලය 2018 මාර්තු මස 31 වැනිදායින් අවසන් වන බවත් ඒ අනුව ඇය සිය සේවා කාලය අවසන් වීම සම්බන්ධ ලිපිය භාරදී ඇති බවත්ය.
 
 ඇය සේවයෙන් ඉල්ලා අස්‌වූවේ යෑයි පළවන වාර්තා අසත්‍ය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඊයේ (22 වැනිදා) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියේය.
 
 කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් පැමිණෙන පර්යන්තය ඔස්‌සේ පිටතට පැමිණි බ්‍රිගේඩියර්වරයා යුද හමුදා වෑන් රථයක නැග පිටව ගිය අතර එම අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත යුද හමුදාව අවසර ලබා දුන්නේ නැත.

YOU MAY ALSO LIKE