Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අතරමන් නොවී ඔබේ සිහින නිවහන හදා ගන්නේ කොහොමද ? හරියටම දැන ගන්නේ මෙහෙමයි .!

2581Views

තමන්ගේ සිහින නිවස එලෙසින්ම ඉදිකර ගැනීම අද සමාජයේ බොහො දෙනෙකුට තිබෙනා ගැටලුවක්. නිවස ඉදිකිරීම පමණක් නොව මනරම් ලෙස පිළියෙල කර ගැනීමටත් බොහො දෙනාට අවශ්‍ය වෙනවා. 

නමුත් මේ සදහා බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැති පමණයි. මෙම ගැටලුවට පිළිතුරක් ලබා දෙමින් නිවාස සැලසුම් කිරීම , ඉදි කිරීමේ සිට සැරසීම දක්වා සියලූම ක්‍රියාවලි වලට තාක්ෂණික දැනුම හා අවශ්‍ය උපකරණ එකම තැනකින් මිළදි ගත හැකි "කැදැල්ල" ප්‍රදර්ශනය 2018 වර්ෂය සදහාද පැවැත්වීමට නියමිතයි.

ඒ මේ මස (මාර්තු) 9 , 10 , 11 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි . නිවෙසක් ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින , සිහින දකින ඔබ සැමට "කැදැල්ල" ප්‍රදර්ශනය අතිශය ප්‍රයෝජනවත් වේවි.

තමන්ගේ සිහින නිවාසය ඉදිකිරීමට ගොස් නිසි තාක්ෂණික දැනුම හෝ මග පෙන්වීමක් නොමැති කමින් අතරමන් වු පිරිස් සමාජයේ ඔනෑ තරම් සිටින අතර නිවාස සැලසුම් කිරීමේ සිට සෑම අදිරයකදීම හරියටම මග පෙන්වීම කැදැල්ල ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වයයි.


 

YOU MAY ALSO LIKE