Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අත්අඩංගුවට!

39737Views

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයට සැක කරමින් මහසොහොන් බලකාය නම් සංවිධානයේ සාමාජිකයකු වන අමිත් වීරසිංහ ඇතුළු තවත් පුද්ගලයින් 09 දෙනෛකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

 අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කලහකාරී සිදුවීම් වලට සම්බන්ධ තවත් 70 අධික පිරිසක්ද අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසනවා.

ඒ අනුව අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවුනේ ඇඳිරි නිතිය අද (මාර්තු 08) ප.ව. 6.00 ට නැවත පැනවීමට නියමිත බවයි.

සාමාන්‍ය ජනතාවට පහසුකම් සලසා ගැනීමට අවකාශය සලසනු පිණිස, මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව එම නිවේදනයේ සඳහන්වේ.

"ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී" යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සිය නිවේදනයෙන් දන්වා සිටී.

YOU MAY ALSO LIKE