Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ජනාධිපතිතුමාගේ මූනත් එඩිට් කරනවා , චීනයේත් ෆේස්බුක් තහනම් " ඇමතිවරුන් සටනට , ෆේස්බුක් තහනම දිගටම ?

7602Views

ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුලු ශ්‍රී ලංකාවේ සමාජජාලා වෙබ් අඩවි තහනම් කිරීමට රජය ලබා ගත් තීරණය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. මෙම සමාජජාලා තහනම තාවකාලික එකක් බවට රජය ප්‍රථමයෙන් ප්‍රකාශ කළා , කෙසේ නමුත් ෆේස්බුක් තහනම දිගටම පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබද රජය සොයා බලමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

ලොව දියුණු රටවල් ෆේස්බුක් වෙබ් අඩවිය සිය රටෙහි තහනම් කර තිබෙන බවද මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දැනට චීනය , ඉරානය හා උතුරු කොරියාව යන රටවල් ෆේස්බුක් වෙබ් අඩවිය ස්ථිරවම තහනම් කර තිබෙනවා.

මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 

"ෆේස්බුක් වලින් විශාල කාර්යභාරයක් ඉටු කළා , මාස ගානක් අවුරුදු ගානක් තිස්සේ ඇති කළා , වැඩිහිටියන් අතර නෙවෙයි දැන් පාසල් යන දරුවන් අතර පවා මේ වෛරය ක්‍රෝධය ඇති කළා අන්තර්ජාලය හරහා ෆේස්බුක් හරහා අපි ඒක හොදටම දැක්කා, ඒක හින්දා තමයි රජය තීරණය කලේ තාවකාලිකව ෆේස්බුක් තහනම් කරන්න , දැන් ඒක පිළිබදව මත දෙකක් තියෙනවා, සමහර කට්ටියට ඕන නැවත මේක පටන් ගන්න , තවත් කට්ටියක් කියනවා මේක ඕනම නෑ කියලා , මේකෙන් උනේම විනාශයක් වෙච්ච හොදක් නෑ කියලා තවත් කට්ටියක් කියනවා , ඒ පිළිබදව විශේෂ විමර්ෂනයක් කරලා කටයුතු කළ යුතුයි , දියුණු වෙච්ච රටවල් දැන් ෆේස්බුක් තහනම් කරලා තියෙනවා , චීනේ ෆේස්බුක් පාවිච්චි වෙන්නේ නෑ , ඒ වගේ රටවල් වල ෆේස්බුක් තහහම් කරලා තියෙනවා , ඒ නිසා අපේ රටෙත් මේ ගැන විශේෂ අධ්‍යනයක් කරලා තමයි තීන්දු ගන්නේ " 

මේ අතර ෆෙස්බුක් වෙබ් අඩවියේදි ජනපතිවරයාගේ සංස්කරණය කළ  ඡායාරූප සංසරණය වීම පිළිබදවද ඇමතිවරයා සිය අවදානය යොමු කළා. මේ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද ෆේස්බුක් වාරණය පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ " මෙම ක‍්‍රියාමාර්ග ගත්තේ ශ‍්‍රී ලංකාවේ අභිමානයට හානිකර දේ පළකිරීම වළකන්න " යනුවෙනි.