Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගිනි තැබූ මදීනා හෝටලය පැය කිහිපයකින් ගොඩනැගුණු හැටි..! ආණමඩුව ජනතාවගේ එකමුතුකම රටටම පෙන්නයි..! (PHOTOS)

3519Views

කිසියම් පිරිසක් විසින් ඊයේ (11) අළුයම 2.15 ට පමණ ගිණිතැබූ ආණමඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මදීනා හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර නැවත එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙම වෙළඳසැළේ පිළිසකර කිරීම් කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන්ද එක්ව සිටීම විශේෂත්වයක්.

එසේම මෙම වෙළඳ සැල පිළිසකර කරගැනීමට සිංහල ජනතාවගෙන් ලැබුණු සහයෝගය අගය කල වෙළඳසැල් හිමිකරු කියා සිටියේ එම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව සහෝදරයන් සේ ජීවත් වන බවයි. එසේම ආනමඩුව නගරයේ ඇති එකම මුස්ලිම් හෝටලය මෙය වන බවත් ප්‍රදේශයේ ජනතාව සැමදා සාමයෙන් ජීවත් වූ පිරිසක් බවත් එහිසිටි පිරිස් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ගින්නෙන් ඇති වූ අලාභය මෙතෙක් ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති අතර  ලක්ෂ 50 ට අධික අලාභයක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ආනමඩුව වෙළෙඳ සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව  පැය කිහිපයක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.