Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

38කට මරු කැඳවූ නේපාල ගුවන් අනතුරේ ඡායාරූප හා වීඩියෝ මෙන්න

6617Views

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබේ.

 අනතුරෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර 17 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බව මේ වනවිට ලැබෙන වාර්තාවලින් අනාවරණය වේ.

බංග්ලාදේශයේ US-Bangla ගුවන් සේවයට ගිනිගත් ගුවන් යානයේ ගින්න නිවීමෙන් අනතුරුව සුන් බුන් අතර තිබී මළ සිරුරු ද හමු වී තිබේ.

සඳුදා (මාර්තු 12) සවස් යාමයේ කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට තල්ලු වී ගිය යානය ගිණි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.

යානය ගිණි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.

වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.

 

YOU MAY ALSO LIKE