Monday, December 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කතකට වෙඩි තබා ඝාතනය කරයි..!

2784Views

සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්  වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීමෙන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා බවට සැක කෙරෙන  30 හැවිරිදි පුද්ගලයාද වෙඩිතබාගෙන මියගොස් තිබෙන අතර ඔහු මානසික රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙකු බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  ප්‍රියංකා ජයෂන්කර් නමැති කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා  ඇයගේ මළ සිරුර එරට  රෝහලක මෘත ශරීරාගාරයේ තබා ඇති බව වැඩිදුරටත් සඳහන්.

 

YOU MAY ALSO LIKE