Monday, May 21, 2018
- 0770586666

ඊයෙත් පරාදයි - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට යන්නේ මෙහෙමයි .!

5314Views

නිදහස් කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (12) පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු  4 ක්‌ ලබා ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට  පැමිණීමට සමත් වුනා.හෙට (13 දා) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ තීරණය කුමක්‌ වුවත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පැමිණීමට නම් සිකුරාදා බංග්ලාදේශය සමග තරගය ජය ගත යුතුම වේ.

සිහින් වරුෂාව හේතුවෙන් විනාඩි 95 ක ප්‍රමාද වූ තරගය පන්දු ඕවර 19 කට සීමා විය. බංග්ලාදේශය සමග තරගයේ නියමිත වේලාවට පන්දු ඕවර යෑවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමකට ලක්‌වීමට සිදුවූ අතර ඔහුගේ ස්‌ථානය සුරංග ලක්‌මාල්ට ලබා දී තිබුණ ද පිතිකරුවකුගේ අඩුව ශ්‍රී ලංකා පිලට මෙම තරගයේදී හොඳින් දැනුණේ ධනංජය ද සිල්වා බංකුවේ සිටීමෙනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 අවසානයේ කඩුලු 9කට ලකුණු 152ක් ලබා ගත්තා. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 38කදි ලකුණු 55ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17කුත් පන්දු 3ක් අවසානයෙ ලකුණු 153ක් ලබා තරගය ජය ගත්තේ කඩුලු හතරක් පමණක් දැවී. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මනිෂ් පාන්ඩේ පන්දු 31ක් තුල නොදැවි ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුනා.

තරගමාලාවේ මීළග තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට දිනයේ (14) ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.