Thursday, May 24, 2018
- 0770586666

16 තීරණාත්මකයි..ලෝක ප්‍රකට බාසිලෝනා පිලත් භාවිතා කරන විශේෂ උපකරණයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට!

5443Views

ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්ගේ සියලු අංග චලනයන් දත්ත ලෙස එක්කාසු වන 'GPS' උපරකරණයක් පැළඳ  මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ශ්‍රීලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු  නික් ලී, මෙම නවතම උපාංගය ගැන සඳහන් කළේය.

මේ මගින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන බවත් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන බවත් ඔහු පැවසුවේය.

"දැන් බංගලාදේශය සමග තරගය ගත්තොත්, දුවපු ප්‍රමාණයේ ඉඳලා සෑහෙන තොරතුරු ගබඩා වෙනවා. ඒවා ක්ෂණිකව අපේ තිරය මත දිස්වෙනවා. එතකොට මට පුහුණුකරු සමග එක්ව ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් සැලසුම් කරන්න පුළුවන්" යනුවෙන් නික් ලී කියා සිටියේය.

"අපි ඒ උපකරණය පැළඳ ගෙන ක්‍රීඩා කරා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැකීමේදී තමයි ගොඩක් වැදගත. පන්දුවට පහරදීමේදී සමහර ක්‍රීඩකයන් ඒක පළඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක" ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නව උපකරණය ගැන බීබීසී සිංහල සේවය වෙත දැක්වුයේ එවැනි අදහසකි.

මේ අතර ස්පාඤ්ඤයයේ බාසිලෝනා කණ්ඩායම භාවිතා කරන ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ මෘදුකාංගයක්ද ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකා කණ්ඩායමටද දැන් ඇති බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේය.

නිදහස් කුසලාන තරගවලියේ ඉන්දියාව සමග සඳුදා පැවති තරගයෙන් පරාජයට පත්වීමත් සමග තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට බංගලාදේශයට සමග සිකුරාදා (මාර්තු 16) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.


 

 
×
 

YOU MAY ALSO LIKE

×