Saturday, April 21, 2018
- 0770586666

අද මධ්‍යම රාත්‍රියෙන් වයිබර් තහනම අවසන් - ආරක්ෂක ලේකම්ගේ නියෝගය!

1570Views

Viber සමාජ ජාලයට පිවිසීමට තාවකාලිකව පනවා තිබු සීමා  අද මධ්‍යම රාත්‍රියේ සිට  ඉවත් කිරීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්.

මේ අතර ෆේස්බුක් ඇතුළු අනෙකු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවිඩ මෘදුකාංග මත පැය 72ක තහනම පනවා අදට (13) දින 8කි. 


 

YOU MAY ALSO LIKE