Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"බංග්ලාදේශ කණ්ඩායම සිටි, කඩා දැමූ විවේකාගාරය ගැන සාක්ෂී මදිලු' කැඩුනු ටික හදලා දෙන්න බංග්ලාදේශය පොරොන්දු වෙයි .!

3169Views

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබුනි.. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස මේ පිළිබදව පරීක්ෂණයක් සිදු කළ තරගයේ තීරකවරයා වූ එංගලන්තයේ ක්‍රිස් බ්‍රෝඞ් ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් ලබා දීද තිබුණි.

එසේ වුවත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ සී.සි.ටී.වී. දර්ශන අපහැදිළි බැවින් ඒ සම්බන්ධයෙන් නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. සී.සී.ටී.වී දර්ශන වලින් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ ඇතුළත දර්ශන ග්‍රහණය නොකෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ක්‍රීඩාංගණයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසනවා.

මේ අතර මෙම ක්‍රිඩාගාරය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මුදලින් ප්‍රතිසංස්කරණය කර දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පොරොන්දු වී තිබේ.

ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දොර බිඳී යනු ඇසින් දුටු අය ඇතත් ඒ සම්බන්ධයෙන් ඔප්පු කරගත හැකි සාධක නැති බැවින් ඉදිරියට පැමිණ සාක්ෂි දීමට ඔවුන් පැකිළෙන අතරම එවන් සාක්ෂි පිළිගැනීමට ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වවන බලධාරීහුද අකමැත්තක් දක්වති.

බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් ඕවර දෙකේදී ලකුණු 23 ක් ලබාගැනීමට තිබිණ. තිසර පෙරේරා විසින් යවන ලද 19 වැනි ඕවරයේදී ලකුණු 11 ක් ලබාගත් බංග්ලාදේශ පිතිකරුවෝ අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට තබාගත්හ.

අවසන් ඕවරයේ පළමු පන්දුවට ලකුණක් ලබා නොගත් අතර දෙවැනි පන්දුවේදී මුසටෆිසුර් රෙහෙමාන් දුවද්දී දැවී ගියේය. එහෙත් රෙහෙමාන් දැවීයාමට පෙර මුහුණ දුන් පන්දුව උරහිසට ඉහළින් ගිය නිපන්දුවක් යයි කියමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටියට බැස අරගල කළහ. මෙම අවස්ථාවේදී දෙපිලේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරු වන ආකරය දැකගත හැකිවිය.

මෙම අවස්ථාවේදී සකිබ් අල් හසන් ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණ බංග්ලාදේශ පිතිකරුවන්ට තරගය නවතා ආපසු ක්‍රීඩාගාරයට එන්න’යි කීවද ඊට එකඟ නොවූ කාලිඞ් මහමුද් නැවත ගිහින් ක්‍රීඩා කරන්න යයි මහමදුල්ලාට සහ රුබෙල් හොසේන්ට කීහ. ආපසු පිටියට ගිය මහමදුල්ලා අනතුරුව මුහුණ දුන් පන්දු තුන හමුවේ ලකුණු 4ක්, 2ක් සහ 6 ක් ලෙස ලබාගනිමින් සිය කණ්ඩයම තරගාවලියේ අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගියේය.

තරගය අවසන් වීමෙන් පසුවද බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ඇණුම්පද වලින් ඇවිස්සුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පවා උණුසුම් වදන් වලින් ප්‍රතිචාර දැක්වූහ. මෙම අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ගේ කරට අත දමාගෙන ආ ටමීම් ඉක්බාල් තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගත්තේය.

කෙසේ වෙතත් මෙපමන සිදුවීමකින් පසුවත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විනය විරෝධි හැසිරීම සම්බන්ධයෙන් ICCයේ දඩුවම වී තිබෙන්නේ ශකීබ් අල් හසන් හා අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පමණකි.

YOU MAY ALSO LIKE