Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘අපට ඔවුන්ගේ සහාය ලැබුණා නම් හොඳයි‘ - ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ගැන ෂකීබ් කට අරී

7513Views

‘අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ‘යැයි බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසයි.

නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙම තරඟය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක පිරිසක් ප්‍රේමදාස පිටියට රැස්ව තිබූ අතර ඔවුන්ගේ සහය ඉන්දියානු කණ්ඩායමට හිමිවිය.මීට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරඟයේදී බංගලාදේශ පිලේ නොමනා හැසිරීම බව බොහෝ දෙනාගේ මතය විය.

‘ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් හොඳයි. ඒත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්.කවුරු කාටද සහයෝගය දක්වනවාද කියන එක ගැන අපි කණගාටු වෙන්නේ නෑ.පිටිය මැදදි හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ‘ යැයි ෂකීබ් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් එම තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලද සහය පිළිබඳ රෝහිත් ෂර්මා විශේෂයන් සඳහන් කරයි.

ඔවුන් විශිෂ්ඨයි.අපිට දැනුනේ ඉන්දියාවේ ක්‍රීඩා කරනවා වාගෙයි.ඔවුන් විශාල වශයෙන් පැමිණ අපට සහයෝගය දක්වුවා.එය ඉතා වැදගත් වුණා.පන්දුවාර 40ම අපට ඔවුන්ගේ සහය නොමදව ලැබුණා.අපි පන්දු යවද්දිත් පහරදෙද්දිත් නෙකඩාවා එය ලැබුණා.


 

YOU MAY ALSO LIKE