Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රබඩා ඉදිරියේ ඒකපාර්ශික ICCය දැවි යයි " ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමත් හකුලා ගනියි .!

8614Views

 

සියලු දෙනාට නීතිය සමාන විය යුතු බවට වන කතාබහ පසුගිය කාලයේ අපේ රටේද වැඩිපුරම අසන්නට ලැබුනු අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද පසුගිය කාලයේ මෙම කථාව අසන්නට ලැබිණි.

ඒ දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගීසෝ රබඩාඔස්ට්‍රේලියාව පැවති ටෙස්ට් තරඟය අතරතුර ස්ටීවන් ස්මිත් සමඟ ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙන් ඔහුට තරඟ මුදලින් 50 % ක දඩයක් සහ තරඟ දෙකක තහනමක් හිමිවීමත්, නිදහස් කුසලාන තරගමාලාවේදී ක්‍රීඩා පිටියේ යකා නැටු බංගලාදේශ ක්‍රීඩකයන්ට හිමිවූ දඬුවම ක්‍රීඩකයන් දෙදෙනෙකු සඳහා තරඟ මුදලින් 25% ක් පමණක් වීමත් නිසාවෙනි.

කෙසේ නමුත් මෙම සිද්දි දෙක එකිනෙකට සම්බන්ද නොවුවද බංගලාදේශ සිද්දිය වූ පසුව ජාත්‍යන්තර මාධ්‍යද මෙම දඬුවම් දෙක එකිනෙකට පරස්පර වීමේ ICCයේ ඒක පාර්ශවික ක්‍රියා පිලිවෙත දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබෙනු දැක ගත හැකි විය.

කගිසෝ රබඩාද ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් මේ පිළිබදව අදහස් විමසා තිබුණා.

එහිදි රබඩා කරුණු දක්වමින්  " තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේ "නාග නර්ථනය" පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි" රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ " මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?" යනුවෙනි.

ඉන්දීය ක්‍රිකට් විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ විමසා තිබුනේ ICC ය මෙලෙසින් ආකාර දෙකකින් ක්‍රීඩකයන්ට සලකන්නේ ඇයිද යන්නයි. මෙම කතාබහ ජාත්‍යන්තර මාධ්‍යය මගින් දුරදිග යාම සමඟම ICCය රබාඩාට පනවා තිබූ දඬුවම අඩු කරමින් තරඟ තහනම ඉවත් කර තරඟ මුදලින් 25% ක දඩයකට තම දඬුවම හකුලාගෙන ඇත.

ICC ය මෙලෙස තම තීරණය වෙනස් කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයින්ගේ නීති මාලා පද්ධතියට අදාළ ඇපෑල සලකා බලන කොමසාරිස් මයිකල් හෙරොන් විසිනි. ඒ පැය හයක කාලයක් පුරාවට දකුණු අප්‍රිකානු නීතිඥ ඩාලි පෝෆු විසින් සිදු කරන ලද වීඩියෝ කතාබහක් අවසානයේදීයි.


 

YOU MAY ALSO LIKE