Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නවසීලන්තය මී කරදරයෙන් නිදහස් ,මිලියන ගණනක් මරා දමලා - ලොව දැවැන්තම ‘වඳකිරීමේ ව්‍යාපෘතියලු‘!

4335Views

 

තම රටට අයත් දුපත් සමූහයෙන් මීයන් මුළුමනින්ම තුරන් කළ බවට නවසීලන්තය පවසයි. එම දුපත්වල මීයන් වඳකිරීම සඳහා යොදාගත් ක‍්‍රමවේදය මිනිසාට කරදර කරන සෙසු කුඩා සතුන් සඳහා ද භාවිත කිරීම සඳහා ලෝකයටම හඳුන්වා දීමට අපේක්ෂා කරන බව නවසීලන්තය පවසා තිබේ.

වසර 5ක කාලයක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත. මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ‘මීයන් ඩොලර් මිලියනයක්’ ලෙසයි. මෙය ලොව කි‍්‍රයාත්මක දැවැන්තම මිනිසාට හිරිහැර සතුන් වඳකිරීමේ ව්‍යාපෘතිය බවට ද හඳුනාගෙන තිබේ.

නවසීලන්තයට පවතින මීයන්ගේ කරදරයෙන් මිදීමට ප‍්‍රධානතම ගැටලූව වී තිබී ඇත්තේ රටින් එපිට දුරින් පිහිටි දුපත්වල මී ගහණයයි.

නෞකා මගින් මීයන් නවසීලන්තයට පැමිණීම වැලැක්වීමට ගත් සෑම උත්සහයක්ම ව්‍යර්ත වීම හේතුවෙන් දුරස්ථ දුපත්වල මී ගහණය මුලින් වඳකිරීමට මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර තිබේ.

කෙසේවෙතත් සාර්ථක වූ මෙම ව්‍යාපෘතියට මුල්‍ය අනුග‍්‍රාහකත්වය දක්වා ඇත්තේ පොදු ජනතාව වීම විශේෂත්වයකි. එ් ව්‍යාපෘතිය වෙනුවෙන් පිහිටුවන ලද අරමුදලකිනි.


 

YOU MAY ALSO LIKE