Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බුර්කාව අනිවාර්ය නෑ...පහසු ඇඳුමක් අඳින්න - සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් තවත් විප්ලවීය තීන්දුවක්!

5359Views

සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාල වන සේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.

සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාල වන සේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වයස අවුරුදු 25-35 අතර විය යුතු වන අතර උස සෙන්ටිමීටර් 155කට වැඩි විය යුතු වේ.සුදුසුකම් සම්පූර්ණ කරන කාන්තාවන්ට විභාගයකට, සම්මුඛ සහ වෛද්‍ය පරීක්ෂණයකට පෙනීසිටීමට සිදු වේ.

පියා විදේශ රටක රජයේ රැකියාවක නිරතව ඔහුත් සමඟ සිටි සෞදි කාන්තාවන්ට හමුදා සේවයට ඉල්ලුම් කිරීමට නොහැකි බව වාර්තා වේ. 

මේ අතර සෞදි කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබාදීමේ තවත් එක් පියවරක් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල කළු අබායා ඇඳුම හෝ හිස ආවරණය වන පරිදි  ඇඳුම් ඇදීම අනිවාර්ය නොවන බවත් ඉස්ලාම් ආගම සංකේතවත් වන වස්ත්‍රාභරණ සහ ගෞරවය ඇතිවන ආකාරයේ සුදුසු මෙන්ම පහසු ඇඳුමක් කාන්තාවන්ට තොරාගත හැකි බවට සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මන් ප්‍රකාශ කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉදිරියේදි සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ එකට ක්‍රීඩා තරඟ නැරඹීමට සහ මෝටර් රථ පැදවීම සඳහා අවසර හිමිවන බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.


 

YOU MAY ALSO LIKE