Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

යස ඉසුරින් පිරි අලුත් අවුරුද්දකට විශ්වාසනීය සහතිකයක්...! ජීවිතයම සරු කරන අලුත්ම අවුරුදු තෑග්ග...!

10110Views

ලොකු කුඩා හැම දෙනාටම සතුට අරගෙන එන සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තවත් තියෙන්නෙ දින කිහිපයක් විතරයි. ඉතිං මේ දවස්වල හැම දෙනාම බොහොම උනන්දුවෙන් අවුරුද්ද සමරන්න සූදානම් වෙනවා. අවුරුද්ද වෙනුවෙන් ගෙදරට අවශ්‍ය කරන බඩු භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, තෑගි භාණ්ඩ ඇතුළු මෙකී නොකී දේවල් රැසක් මිලදී ගන්න අයගෙන් මේ දවස්වල වෙළඳ සැල් පිරිලා ඉතිරිලා ගිහිල්ලා.

මොකද ගොඩක් දෙනාට අවුරුද්ද වෙනුවෙන් බෝනස් දීමනා එහෙම මේ වෙද්දි ලැබිලා තියෙන නිසා අතේ මිටේ සල්ලි ටිකක් ගැවසෙන කාලයක්. ඒ නිසාම ඔබ නොදැනුවත්වම ඔබේ අතේ තියෙන සල්ලි නිකරුනේ වියදම් වෙලා යන්න පුළුවන්.

මේ ප්‍රශ්නයට විසඳුමක් හොයලා බලද්දි කවදත් මෙරට ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනාගත් මූල්‍ය ආයතනයක් ඔබට වාසි රැසක් සමඟ යස ඉසුරින් පිරි සුභ අලුත් අවුරුදක් සමරන්නට අලුත් සංකල්පයක් හඳුන්වා දීලා තියෙනවා.
ඒ ගැන අද අපි ඔබට කියන්න හිතුවෙ මෙදා අවුරුද්ද ඔබට යස ඉසුරින් පිරි සුභ අලුත් අවුරුද්දක් වීම දැකීම අපේ අරමුණ වීම නිසාමයි.

‘’FD’’ එහෙමත් නැත්තම් ස්ථාවර තැන්පතු කිවුවම ගොඩක් දෙනාට මතක් වෙන්නෙ අතේ තියෙන සල්ලි ටික බැංකුවකට දාලා ගිවිසගත් කාලයකට පස්සෙ ආයෙමත් පොළියක් එක්ක ලබා ගන්න එකනෙ. ඒ වගේ මූල්‍ය තැන්පතු කරන්න අපේ රටේ ඕන තරම් තැන් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. 

කොහොම වුනත් තමන් දුක්මහන්සියෙන් උපයාගන්නා මුදල් යම්කිසි ආයතනයක තැන්පත් කරද්දි විශ්වාසනීයත්වය, වගකීම වගේ ගොඩාක් දේවල් ගැන සැළකිලිමත් වෙන්න ඕන. ඒ වගේ බොහෝ කාලයක් තිස්සේ පාරිභෝගික ජනතාවට ඉහලම විශ්වාසනීයත්වය දිනා ගත් එල්.ෆිනෑන්ස් සමාගම තමයි මෙදා අවුරුද්දේ ඔබට යස ඉසුරු කැන්දන අලුත්ම ස්ථාවර තැන්පතු ක්‍රමය වන ‘‘යස ඉසුරු‘‘ හඳුන්වා දීලා තියෙන්නෙ.

ඉතිරි කිරීමේ පුරුද්ද යස ඉසුරින් පිරි අනාගතයකට ලඟම පාර බව බුද්ධිමත් ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. නමුත් ඒ වෙනුවෙන් තෝරා ගන්නා තැන ගැන ඔබ දෙපාරක් හිතලා බලන එක වැදගත්. ඒ නිසාම තමයි අපි ඔබට එල්.බී.ෆිනෑන්ස් ‘‘යස ඉසුරු‘‘ ස්ථාවර තැන්පතු ක්‍රමය ගැන මේ විදියට කිවුවෙ.

ඔබ අද ඉතිරි කරන මුදල වෙනුවෙන් ඉහල පොලියක් ලැබෙනවා වගේම අලුත් අවුරුද්ද වෙනුවෙන් අත හිත පිරෙන්න වටිනා තෑගි රැසක් ඔබට තිළිණ කරන්නත් එල්.බී.ෆිනෑන්ස් ‘‘යස ඉසුරු‘‘ ස්ථාවර තැන්පතු ක්‍රමය බලාගෙන ඉන්නවා.

 

YOU MAY ALSO LIKE