Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මාධ්‍යයට කතා කරද්දි ඇමති තුමාගෙ නමත් කියන්න‘‘ පොදුරද මඩුලු පදක්කම් දිනූ අපේ ක්‍රීඩකයින්ට ක්‍රීඩා බලධාරියෙකු උපදෙස් දීපු හැටි...! (VIDEO)

14837Views

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා.  ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන් කවරදාකටක් වඩා ඉතා විශ්ෂ්ඨ අන්දමේ දස්කම් පෑම මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට  රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟ පදක්කම් සටහනේ 25 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා.  එසේම මෙම පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලැබීමද විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙද්දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම  ඊයේ (11)  දිවයිනට පැමිණියා. එම අවස්ථාවේදී  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  ඇතුලු පිරිස ගුවන්තොටුපලේදී ඔවුන්ව පිළිගත්තා. .

අනතුරුව ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු බර ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද  හමුවක්ද පැවැත් වුණා. එම අවස්ථාවේදී  බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල  නිලධාරියෙකු විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන අපූරු උපදේශයක් මේ වන විට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ තවත් නිළධාරීන්ගේ නම් මතක් කරන ලෙසයි.

අදාල වීඩියෝව පහතින්.

YOU MAY ALSO LIKE