Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අමරිකාව එල්ල කල ප්‍රහාර රුසියාවේ සහයෙන් උඩුගුවනේදීම විනාශ කරද්දී සිරියාවට වුන දේ..! (PHOTOS)

17839Views

අමෙරිකානු හමුවාව  විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ඊයේ (14) B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක්  මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ඉන් එක් ප්‍රහාරයක් එල්ල වී තිබුනේ සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට බවයි සඳහන් වුනේ.

කෙසේ වෙතත් සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින්  ඇමෙරිකානු ගුවන් යානා එල්ල කල මිසයිල ප්‍රහාර අතුරින්  20 කට ආසන්න සංඛ්‍යාවකින් ඉහල අහසේදීම විනාශ කර තිබූ බව සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්ව්ටර් ගිණුම් වල සඳහන් කර තිබුණා. 

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ චන්ද්‍රිකා සිතියම් වලට අනුව අදාල ප්‍රහාර නිසා සිරියාවේ ප්‍රහාරක ස්ථානවලට ඉතා දැඩි ලෙස හානි සිදු වීඇති බව පෙනී යනවා.

සිරියාවට එල්ල කල මෙම ප්‍රහාරයන්ට රුසියාව දැඩි ලෙස එරෙහි වෙද්දී යුධ ශක්තියෙන් ඉතා බලවත් ඊශ්‍රාලය ඇමරිකාවට සහය දීමට සූදානම් බව සඳහන් වෙනවා.


 

 

 

YOU MAY ALSO LIKE