Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොදුරද මඩුලු අවසන් තරඟය අදයි..! ශ්‍රී ලංකාවට ඉතිහාසගත වන වාර්තාවක්..!

4602Views

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන්  දින තරඟ අද (15)  ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙනවා. අන් කවරදාකටත් වඩා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා නිසා මෙවර ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරක ඔස්ට්‍රේලියාව  මේ වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටිනවා. ඒ, රන් පදක්කම් 78 ක්,රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 59 ක් සමගින් සමස්ත පදක්කම් 194 ක් දිනා ගනිමින්.

සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිකගෙන තිබෙන එංගලන්තය රන් පදක්කම් 43 ක්, රිදී පදක්කම් 43 ක් හා ලෝකඩ පදකක්ම් 44 ක් දිනාගෙන තිබෙනවා.

රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් 19 ක් හා ලෝකඩ පදක්කම් 20 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දියාවයි.

මේ අතර ශ්‍රී ලංකාව රීදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක් සමඟ සමස්ත පදක්කම් 7 ක් දිනාගනිමින්  සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව එය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙනවා.

 

 

YOU MAY ALSO LIKE