Monday, April 23, 2018
- 0770586666

මහ බැංකුව බිඳීම,ගූගල් බැලුන් පිපිරවීම ඇතුළු අපූරු තරඟ රැසක් සමඟ හිටපු ජනපති නිවසේ පැවති අපූරු අවුරුදු උත්සවය..! ජයාග්‍රාහකයින්ට ලැම්බෝගිණි සහ හෙලිකොප්ටර්...!

8239Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී විශේෂ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.  දකුණු පළාත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම අවුරුදු උත්සවය පිළිබඳ බොහෝ දෙනාගේ් කතා බහට ලක්වුනේ මෙම අවුරුදු උත්වයේ සංවිධානය කර තිබූ අපූරු තරඟ ඉසව් හේතුවෙන්.

මේ වන විට දේශපාලන කරලියේ භාවිතා වන විවිධ නම් වලින් තරඟ ඉසව් නම් කර තිබූ අතර තරඟ වලින් ජයග්‍රහණය කල අයටද  පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ලැම්බෝගිනි  ආකෘතියෙන් නිමවුනු සෙල්ලම් කාර් සහ සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිමටද කටයුතු කර තිබුණා.

මෙම අවුරුදු උත්සවයේ කණා මුට්ටිය බිඳීමේ තරඟය මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබුණා. බැලුන් පිපිරවීමේ තරඟය නම්කර තිබුණේ ගූගල්  වයිෆයි බැලුන් ලෙසයි.

අලියට ඇස තැබීමේ තරඟය රත්තරන් අශ්වයාට ඇස තැබීම ලෙස නම් කර තිබූ අතර .පිටි මත කාසිය සෙවිම  ලැම්බෝ ගිණි සෙවිම ලෙස නම් කර තිබුණා.

එසේම කඹ ඇදීමේ තරඟය පැවැත්වීමේදී ආණ්ඩුවේ පක්ෂ දෙකෙහි නම් ඒ සඳහා යොදා තිබුණා.මේ අතරේ මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා යනුවෙන් සැඟවුනු අමුත්තා නම් කර තිබීම තවත් විශේෂත්වයක් වුනා.

 

 

YOU MAY ALSO LIKE