Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුගේ තැන සංගක්කාරට හිමි වෙයි..! Sky Sports ආයතනය තීරණයක් ගනී..!

5265Views

වසර 15 ක ජාත්‍යන්තර  ක්‍රිකට්  දිවියකට හිමිකම් කියන අපේ රටේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට Sky Sports ආයතනය තීරණය කර තිබෙනවා. තම ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් ලකුණ 12,400 ක් සහ ලකුණු 14,000 කට වඩා එක්දින තරඟ වලදී ලකුණු ලබාගත් ඔහුට මෙම අවස්ථාව හිමි වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එළඹෙන මැයි මාසයේදී ආරම්භ වන එංගලන්තයේ ගිම්හාන ක්‍රිකට්  තරගාවලිය සඳහා  විස්තර විචාරකයෙකු ලෙස සන්ගක්කාර සහභාගී කරවා ගැනීමටයි  එම තරගාවලියේ මාධ්‍ය අයිතිය හිමි ‘ස්කයි ස්පෝර්ට්ස් ආයතනය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව එළඹෙන  මැයි මාසයේ සිට අගොස්තු දක්වා පැවැත්වෙන  තරඟාවලියන්හිදී කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි ක්‍රීඩා මාධ්‍යයන් පෙන්වා දෙන්නේ.

එසේම පසුගිය 2017  වසරේදී  එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කුමාර සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස කටයුකු කල අතර  එහිදී කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කළ නිසා ඔහුට එම කටයුත්තට බාධා ඇති වුනා. කෙසේ වෙතත් මේවන විට කුමාර් සංගක්කාර පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගෙන ඇති නිසා ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.