Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ආ.... මේ එන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ඊළඟ නායකතුමා...!‘‘ හිටපු ජනපති මහින්ද මඟුල් ගෙදරදී රවී කරුණානායකට රහසක් කියයි...!

8760Views

 

ලංකාවේ ප්‍රකටම මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වන වීල්ස්‌ ලංකා ආයතනයේ අධිපතිගේ පුතණුවන් විවාහ වීම නිමිත්තෙන් පැවති මෙම උත්සවයට පාර්ලිමේන්තුවේ සිටින මුස්‌ලිම් මැති ඇමැතිවරු විශාල පිරිසකට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ,රාජිත සේනාරත්න, ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන, රවි කරුණානායක ඇතුළු පළමු පෙළේ දේශපාලනඥයන් පිරිසකටත් ආරාධනා ලැබිලා තිබුණා.

මේ විදියට ආරාධනා ලැබුණු සියළු දෙනාම පසුගිය සතිඅන්තයේ  කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයට එකතු වුනා. ඒ වෙලාවෙ අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු ගණනාවක්‌ ම එක මේසයක් වටා වාඩිවෙලා ඉඳලා තියෙනවා. ඊට යාබද ප්‍රධාන මේසය වෙනත් කණ්‌ඩායමක්‌ සඳහා සූදානම් කරලා තිබුණා කියල තමයි ආරංචි වෙන්නෙ. කොහොම හරි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සිය හිතවතුන් සමග පැමිණ එම මේසය වටා වාඩි වුනා. ඒත් සමඟම ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන සහ ඔහුගේ බිරිඳත්  ඒ මේසයේම වාඩිවී හිටපු ජනාධිපතිවරයා සමඟ ඉතාමත්ම කුළුපගව වගතුග විස්‌තර කතාබහ කරන්නට පටන් ගෙන තිබුණා. ඒ වෙලාවෙදි තමයි රවි කරුණානායකත් උත්සව සභාවට ඇවිල්ලා තිබුනෙ.

ආ.... මේ එන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ඊළඟ නායකතුමා....... කියමින් හිටපු ජනාධිපතිවරයා රවි කරුණානායක පිළිගනිද්දි  රවී කරුණනායකත් ඒ අසලින්ම වාඩි වුනා. කොහොමහරි ලොකු වේලාවක්‌ රටේ අනාගත දේශපාලන කටයුතු ගැන දෙන්නා කතා කරමින් සිටියා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.


ටික වේලාවකට පස්සෙ රවී කරුණනායක නැගිටලා ගිහින් රාජිත සේනාරත්න ලඟින් වාඩිවෙලා කතාබහ කරමින් ඉඳලා තියෙනවා. මේ අතරෙදි යමක්‌ හදිසියේ මතක්‌ වූවා සේ... කෝ ... රවි ගියා දැයි අසමින් මහින්ද වටපිට වටපිට බලද්දි  රාජිත සේනාරත්න සිටියේ මේසයේ ආහාර භුක්‌ති විඳිමින්.

‘‘ රවි කාල ඉවර වුණාම මට මතක්‌ කරන්න.. කාරණාවක්‌ තියෙනවා එයාට කියන්න...‘‘ කියමින් හිටපු ජනාධිපතිවරයා  තමන් අසල වූ ඩිෂාන් ගුණසේකරට පවසනවා. කොහොමහරි ආහාර ගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා  රවී කරුණානායක අසලට යද්දි  රවී අසුනින් නැගිට මහින්ද සිටි පැත්තට ගිහින් තියෙනවා.

ඊට පස්සෙ දෙන්නම  හිටගෙන විනාඩි පහකට වැඩි කාලයක්‌  වැදගත් දෙයක්‌ ගැන රහසේම කතාකරද්දි අන් අය ඉන් ඈත්ව සිටියේ මේ දෙදෙනාගේ කතාව ඉතා වැදගත් බව හැඟුණ නිසා වෙන්න පුළුවන්.

කොහොමහරි කතාබහෙන් පසුව තවත් ටික වෙලාවක්‌ එම ස්ථානයේ සිටි  මහින්ද රාජපක්‌ෂ තමන්ට දැන් තංගල්ලට යැමට අවශ්‍යව බව කියමින් උත්සව සභාවෙන් සමුගෙන පිටවගිහින් තිබුණා.

YOU MAY ALSO LIKE