Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දෙගුණයකින් බලවත් වී සිරියාව මට්ටු කරන ‘‘ටොමහෝක්‘‘ මිසයිල..! (PHOTOS) (VIDEO)

6804Views

සිරියාවේ රසායනික අවි ඇතැයි සැලකෙන ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව පසුගියදා එල්ල කල ප්‍රහාර නිසා සිරියාවට ඉතා දැඩි හානි සිදුවුනා. රුසියානු ගුවන්යානා නාශක පද්දති මඟින් මිසයිල ප්‍රහාර රැසක් වැලැක්වූවද අමරිකාම ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවේ ඉලක්කයන් කිහිපයක්ම සාර්ථක කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

එසේම මෙම ප්‍රහාර එල්ල කිරීම සඳහා ටොමහෝක් වර්ගයේ මිසයිල භාවිතා කල බව රොයිටර් පුවත් සේවයට කරුණු දක්වමින් ඇමෙරිකානු යුධ නිලධාරියෙක් ප්‍රකාශ කරතිබුණා. මෙම වර්ගයේ මිසයිල වලින් එල්ල කල ප්‍රහාර නිසා ඉතා බලවත් ලෙස ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබී තිබුුණු බවත් එය පුද්ගලයින් 80 ට වැඩි දෙනෙකුට මරු කැඳවමින් ඛාන් ශෙයිඛුන් නගරයට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව 2017 අප්‍රේල් මාසයේදී එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයට වඩා  දෙගුණයක් බලවත් ඇමරිකානු නිළධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

කිලෝ ග්රූම් 1360 ට වඩා බරකින් යුක්ද  මෙම මිසයිලයක් පැයට කිලෝ මීටර් 550 ට වඩා වැඩි වේගයකින් එල්ල කිරීමට හැකියාව තිබෙනා.  අඩි විස්සක පමණ දිගකින් යුතු මෙම මිසයිලයක් සැතපුම් දහසක පමණ දුරක් දක්වා ප්‍රහාර එල්ල කිරීමේ හැකියා තිබෙනවා.

YOU MAY ALSO LIKE