Wednesday, September 26, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත් උපදෙස් " ලඟදීම ඉන්ධන මිල ඉහලට ?

1750Views

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මගින් ලගදීම ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්‌ ඇතැයි ආරංචි මාර්ග සදහන් කරන බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවන්ට අනුව කුමන අවස්තාවක හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සිය ඉන්ධන වල මිල වැඩි කිරීමේ සුදානමක් පවති.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (16 වැනිදා) වනවිට ඩොලර් 67.39 ක්‌ ලෙස වාර්තා විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10483 කි. බොරතෙල් බැරලයක්‌ යනු ලීටර් 159 කි. මේ අනුව බොරතෙල් ලීටරයක් සදහා සංස්ථාව ආසන්න වශයෙන් රුපියල් 65ක මුදලක් වැය කරයි.
 
මේ අතර ලෝක ඉන්ධන මිලට සාපේක්‌ෂව මෙරට ඉන්ධන මිල ඉහළ පහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් උපදෙස්‌ අනුව ලබන මැයි 01 වැනිදා සිට ඉන්ධන මිල සූත්‍රයක්‌ ක්‍රියාත්මක කරන්නට ද රජය කටයුතු කරගෙන යන බව එම වාර්තාවන්හි වැඩිදුරටත් සදහන්.
 
මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම දැනටමත් ඉන්ධන මිල වැඩිකර ඇති අතර එම සමාගම පවසන්නේ ලෝක ඉන්ධන මිල හා රජයේ බදු නිසා ඉන්ධන මිල වැඩි කළ බවයි.

YOU MAY ALSO LIKE