Monday, December 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මීළග බිල්ල ඔබේ දියණිය විය හැකියි , ඉන්දියාවේ ළමා දූෂණ රැල්ල ලොවම කළඹයි , ජාතිවාදය පිට දමා පාලකයන්, දූෂිතයන් රකින්න පෙරට .!

4957Views

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව පිළිබදව මේ දිනවල ලොවෙහිම අවදානය හිමිව තිබේ. ඒ අට හැවිරිදි අසීෆා නම් පුංචි දැරියක් ඉන්දියාවේ කාෂ්මීර හිමාල ප්‍රදේශයේදි සමූහ දූෂණය කොට මරා දැමීමේ පුවතක් නිසා.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ලොවම පුදුමයට පත් කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇතැම් පිරිස් විරෝධතාවයන්හි නිරත වුනා. මේ සදහා හේතුව සමූහ දූෂණය කොට මරා දැමුනු අසීෆා දැරිය මුස්ලිම් වීමත් අත්අඩංගුවට ගත් සැකකරුවන් හින්දු වීම නිසාත් බව කියවුනි. අන්තවාදී හින්දු ආගමික කණ්ඩායම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයන්හි නිරත වූ අතර ඔවුන් පැවසූවේ මෙම සිදුවීම තවත් එක් දූෂණයක් පමණක් බවත් එම සිදුවීමට මෙතරම් ප්‍රසිද්ධියක් ලබා දීම අනවශ්‍ය බවයි. මේ උද්ඝෝෂකයන් අතර පාලක භාරතීය ජනතා පක්ෂයේ දේශපාලකයන්ද සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ලොව පුරාම ජනමාධ්‍ය ඉන්දියාවේ සංචාරය කරනා සිය රටවල පුරවැසියන්ට අනතුරු අගවා තිබුනා. ඒ ඔබ ඉන්දියාවේ සංචාරය කරනවා නම් ඔබගේ ගැහැනු දරුවා , පෙම්වතිය , බිරිඳට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසයි. ලොව වැඩි වශයෙන්ම ස්ත්‍රී දූෂණ සිදුවන රටක් ලෙසට ඉන්දියාව ප්‍රසිද්ධ අතර , ඉන්දියාවේ කාන්තාවන්ගේ සුරක්ෂිතන්හාවය පවතින්නේ ඉතාම අවම මට්ටමකයි.

සිදුවීම පිළිබදව ඉන්දීය ක්‍රිකට් මෙන්ම බොලිවුඩ් තරුද සිය අදහස් පළකර තිබූ අතර එම විඩීයෝව පහතින් ,


 


 

YOU MAY ALSO LIKE