Wednesday, October 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ඉන්දියාවයි ඇමෙරිකාවයි ලියන පිටපතේ නලුවා අනුර කුමාර, අලුත් ව්‍යවස්තාව ගේන්නේ රෝ ඔත්තුකාරයෝ " නව ව්‍යවස්තාව ගැන ජාතික සංවිධාන එකමුතුවෙන් ආන්දෝලනාත්මක කතාවක් .! (VIDEO)

1584Views

ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙන ඒමට නියමිත නව ව්‍යවස්තා සංශෝධනය අතිශය කතාබහට ලක්ව තිබෙනවා. මේ අතර  ගෙන ඒමට නියමිත මෙම ව්‍යවස්තා සංශෝධනය කරුණු පිළිබදව ජාතික සංවිධාන එකමුතුව මාධ්‍යය හමුවක් කැදවා තිබුනා.

එහිදි එම සංවිධානය පවසා සිටියේ මෙම ව්‍යවස්තාවේ ඇති කරුණු බෙහෙවින් රටට අහිතකර බවයි. කුමන කෝන්දේසියක් මත හෝ ඒකාබද්ද විපක්‍ෂයද මෙම ව්‍යවස්තා සංශෝධනයට සහය දෙන්නේ නම් එය මහා පාවා දීමක් වනු ඇති බවටයි එම සංවිධානය පවසන්නේ.

මෙහිදි අදහස් දැක්වූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ " ඉන්දු ඇමෙරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් මගින් තමයි මේ නාට්‍යයේ පිටපත ලියන්නේ , අනුර කුමාර දිසානායක නලුවා ඉස්සරහට දාලා රඟදක්වන්න ලෑස්ති වෙලා ඉන්නේ , ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම ගොනාට අන්දන්න  රෝ සංවිධානයේ ඔත්තුකාරයෝ ටික ලෑස්ති වෙන්නේ පාර්ලීමේන්තුව විසුරුවා හරිනවා කියන යෝජනාව ගැටගහන්න " යනුවෙනි.

එම අවස්ථාවේ විඩීයෝව පහතින් ,

 

 

 

YOU MAY ALSO LIKE