Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" මට දැන් රේස් පදින්නත් බයයි , හිතලම හප්පනවා " වර්තමාන ලෝක ශූරයාට හිටපු ලෝක ශූරයාගෙන් චෝදනාවක් , ලොවම කතා කරන මොටෝ ජීපී ගැටුම මෙන්න .!

5689Views

මොටෝ ජිපී හෙවත් යතුරුපැදි ධාවන තරගයන්හි ලෝක ඉසව්ව ශ්‍රී ලංකාවේ එතරම්ම කතාබහට ලක් නොවූවද ලොව ජනප්‍රියම ක්‍රීඩා වලින් එකකි.  මොටො ජිපී හිටපු ලෝක ශූරයා මෙන්ම එදාමෙදා තුර බිහිවූ විශිෂ්ඨතම මොටො ජිපී  ධාවකයෙක් වන ඉතාලියේ  වැලෙන්ටිනෝ රෝසී සිදු කළ ප්‍රකාශයක් කතා බහට ලක්ව තිබෙනවා.

වැලෙන්ටිනො රෝසී පවසන්නේ වත්මන් ලෝක ශූර ස්පාඤ්ඤයේ මාක් මාකස් තරගවලදි හිතාමතාම ක්‍රීඩකයන් අනතුරට පත් කරන බවයි. පසුගිය තරගයකදි රෝසී සහ මාකස් අතර පැවති තරගයකදි මාකස් අභිබවා යෑමට රෝසී කටයුතු කරන විට මාකස්ගේ සහ රෝසීගේ යතුරුපැදි එකට ගැටුනි. මෙම ගැටුම නිසා මාකස්ට තත්පර තිහක දඬුවම් කාලයක්ද පැනවිය.

වැලන්ටිනො රෝසී පවසා තිබෙන්නේ මාකස් විසින් මොටො ජිපී ක්‍රීඩාව විනාශ කරමින් සිටින බවයි. 

" මාකස් එය කලේ හිතාමතාමයි, ඒක අතපසුවීමක් නෙවෙයි, ඔබ මේ වගේ ක්‍රීඩා කිරීමට ආරම්භ කලොත් ඔබ ගමන් කරන්නේ ඉතාමත් අනතුරුදායක තත්වයකටයි, මාකස් ක්‍රීඩා කරන විට මම ක්‍රීඩා කිරීමට බයයි " යනුවෙන් රෝසී පවසා තිබුනා. 

සිදුවීමට අදාල විඩීයෝව පහතින් 

 

YOU MAY ALSO LIKE