Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" මැරෙන බව දැන දැනම මිනිසුන් බේරා ගන්න ඇමෝනියා ටැංකියට පැනලා " අනුන්ගේ ජීවිත වෙනුවෙන් දිවි පිදු අපේ කාලයේ හොරණ වීරයන් මෙන්න .!

7945Views

හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් පුද්ගලයන් පසස් දෙනෙක් මිය යාම මුලු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවා. පසුගිය 19 දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබුනා. මෙම අනතුරින් රබර් කම්හලෙ සේවකයන් දෙදෙනෙකුට සහ ගම්වාසීන් තිදෙනෙකුට ජිවීතය අහිමි වූවා.

මෙම කර්මාන්තශාලාවේ සේවකයකු ප්‍රථමයෙන් ඇමොනියා පිරවු මෙම වළට වැටී ඇත. ඔහු බේරා ගැනීම පැමිණි ගම්වාසීන් වන ප්‍රියන්ත කුමාර පෙරේරා, දිලිප් කසුන් ලොකු පතිරගේ , වරුණ චන්ද්‍රසේකර යන පුද්ගලයන්ද ජිවීතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් මිය ගිය බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලාල් පුෂ්පකුමාර  දූදරුවන් හතර දෙනකුගේ පියෙකි. ස්‌ථිර රැකියාවක්‌ නොකළ ලාල් පුෂ්පකුමාර  කුලී රැකියාවන්හි නිරතව සිට ඇත. ලාල් පුෂ්පකුමාර සහ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති  හොරණ නගරයට ගොස්‌ ආපසු එන අතර අවාසනාවන්තව මේ සිද්ධියේදී මියගොස්‌ ඇත.

සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මියගිය ලාල් පුෂ්පකුමාරගේ බිරිඳ චන්ද්‍රිකා දමයන්ති පැවසුවේ 

" මමයි මගේ මහත්තයයි හොරණ ඉඳලා එන විට රබර් වැඩපළේ අය පාරට ඇවිත් කෑගහනවා ඇහුණා. අනේ! එක්‌ කෙනෙක්‌ වතුර ටැංකියට වැටුණා බේරා ගන්න කියයි කෑගැසුවේ. ගේට්‌ටුව ඇරලා තිබුණේ. මහත්තයා එක පාරටම ගේට්‌ටුවෙන් ඇතුළට ගිහිල්ලා වළේ වැටුණ කෙනාව ගන්න ගියා. නහය කඩාගෙන යන සැර ගඳක්‌ දැනුණා. මහත්තයවත් වළට වැටුණා. අපි කෑගැහුවා ආයතනයේ වෙන කවුරුවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ. ඒ වළේ තියෙන්නේ විෂ රසායනික බව පසුව දැනගන්නට ලැබුණා ,
 
ආයතනයේ අය නොවෙයි පාරේ ගිය අසරණ තරුණයන් කීප දෙනකුගේ ජීවිත නැති වෙලා. ආයතනයේ වාහනවත් දුන්නේ නෑ. ස්‌ටාට්‌ වෙන්නේ නෑ කිව්වලු. පිට වාහන තමයි පිහිටට ආවේ. අනේ ඒත් වැඩක්‌ වුණේ. නෑ. ගේට්‌ටුව ඇරලා තිබුණ නිසා තමයි මහත්තයා ඇතුළට පැන්නේ. අනේ මගේ මහත්තයා නැති වුණා. මගේ දරු පැටව් කොහොමද මං හදාගන්නේ " යනුවෙනි.

මෙම ආයතනයේ නොසැලකිලිමත් භාවය නිසා, අනාරක්‌ෂිත රසායනික ද්‍රව්‍ය ටැංකි විවෘතව තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. අනතුර සිදුවූ අවස්ථාවේ ආයතනයේ පාලනාධිකාරිය අනතුරට පත්වු අය රෝහල් කරා ගෙන යාමට සිය ආයතනයේ වාහන පවා ලබා දී නොමැති බව වාර්තා වේ.

පස්‌දෙනකුට මරු කැඳවමින් 30 කට අධික පිරිසක්‌ රෝහල්ගත කළ මේ සිද්ධිය පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

මිය ගිය ගම්වාසීන් තිදෙනෙක් පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණයක් පහතින් ,


 

YOU MAY ALSO LIKE