Wednesday, May 23, 2018
- 0770586666

" ඔය පිළිමය මුහුදට ගෙනිහින් දැම්මේ මම " රටම කතා කළ ගාලු මුහුදෙන් හමුවූ ප්‍රථිමාවේ ඇත්ත කතාව මෙන්න .! (PHOTOS) (EXCLUSIVE)

4624Views

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී හමුවූ පිළිමයක් පිළිබදව ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්වුනා. මෙහිදි බොහො දෙනෙක් මෙම පිළිමය පිළිබදව විවිධ මත පළ කර තිබීමත් දක්නට ලැබෙනවා. 

කිලෝ 40කට වැඩි බරක පිළිමයක් පසුගිය සෙනසුරාදා (14දා) මුහුදේ කිමිදීමට ගිය පුද්ගලයකුට හමුවී තිබිණි. විනෝදාංශයක් වශයෙන් මුහුදේ කිමිදෙමින් ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරැඹීමට නිතර පැමිණෙන පුද්ගලයන් දෙදෙනකුට මෙම පිළිමය හමුවි තිබුනි..

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150 - 200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 7 පමණ ගැඹුරකින් මතුව තිබූ බව ඔවුහු පැවසූහ. කෙසේ වෙතත් මෙම පිළිමය සම්බන්ධව කතාව වෙනතකට යොමු වී තිබුණේ මේ පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය ඇරැඹී පැය කිහිපයක් ගත වන විටය. 

කෙසේ වෙතත් මෙම පිළිමයේ පසුපස ඇති සත්‍ය කතාව නෙත් ගොසිප් අපට වාර්තා වුනා. එනම් මෙම පිළිමය පෞරාණික වටිනාකමක් සහිත පිළිමයක් නොව , කාලකරුවෙක් විසින් සාගරයේ කලා කෘතියක් ලෙස තැන්පත් කළ පිළිමයක් බවයි. 

ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වාගෙන යනු ලබන තරුණයකු වන ජනකද සිල්වා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කියා සිටින්නේ මෙම පිළිමය තමා විසින් පෙබරවාරි මස මැදදී මුහුදේ ගිල්වූ බවය. මෙතෙක් මාධ්‍ය මඟින් නිරාවරණය කළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පිළිමයක් ලෙස එය හුවා දැක්වීමේ මිථ්‍යාව හෙළිව ඒ අනුව වෙනත් මානයකට ගියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙම කලාව  අන්ඩර් වෝටර් ස්කල්ප්චර් යනුවෙන් හඳුන්වන බවය. බි්‍රතාන්‍ය ජාතිකයකු වූ ජේසන් ටේලර් නමැත්තකු විසින් මෙම කලාව ලෝකයට හඳුන්වා දෙනු ලැබූවක් බවයි. එහිදී සිදුවන්නේ අඹන ලද මූර්ති, රූප සහ පිළිම කොරල්පර ආශ්‍රිතව මුහුදේ තැන්පත් කිරීමයි. එලෙස තැන්පත් කළ පසු කාලයක් ගතවන විට එම පිළිමවල කොරල්පර සෑදී එය එම පරිසරය අලංකාර බවක් සහ කොරල් පරිසරයට හිතකර වන නිසා මෙම කලාව ජනප්‍රිය වූ බව ජනක ද සිල්වා පවසනවා. 

දන්නා තරමින් මෙම කලාව ශ්‍රී ලංකාවට ආධුනික බවත් මෙම කලාව ජනප්‍රිය කිරීම මඟින් සංචාරක ව්‍යාපාරයට සහ කොරල්පර මතු පරපුරට රැකගැනීමට ඉවහල් වන බවත් ඔහු මාධ්‍යයට පවසා තිබුනා. කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසු මෙම පිළිමය තමා විසින් මුහුදේ තැන්පත් කළ බවත් එලෙස තැන්පත් කිරීමට පෙර සහ තැන්පත් කළ පසු ගත් ඡායාරූප වීඩියෝ තමා සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

මේ පිළිබඳ අදහස් දැක්වන ජනක ප්‍රකාශ කරන්නේ 

 "අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කලාගාරයක් තුළට ගිහින් චිත්‍ර සහ මූර්ති පිළිම නරඹන එක. මට ඕන වුණේ ඒක වෙනස් කරන්න. කොරල් පරිසරයේ තිබෙන මෙවැනි කලාත්මක දේවල් දියයට කිමිදීමෙන් නැරැඹීමට පුරුදු කිරීමටයි. අද අපේ රටේ මෙය අලුත් දෙයක් වුණාට ලෝකයේ ඉතාම ජනප්‍රිය දෙයක් මේක. මෙය ඉතාම අභියෝගාත්මක දෙයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නාරා ආයතනය ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලට දැනුම්දී ඔවුන්ගේ අවසරය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට"  යනුවෙනි.

මේ අතර මෙම පිළිමය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟම මෙම පිළිමය මුහුදට දැමූ අවස්ථාවේ තමන් විරෝධතාව පළ කළ බවත් එයින් පසුකාලීනව ඇති විය හැකි ප්‍රතිඵලය සම්බන්ධයෙනුත් තමා ප්‍රකාශ කළ බව ෆේස්බුක් සටහනක් තබමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වන වෛද්‍ය ජනක රූබන් පවසා ඇත. විනෝදාංශයක් ලෙස කොරල්පර ආශ්‍රිතව කිමිඳීමේ යෙදෙන වෛද්‍ය රූපන් එම සටහනින් මෙසේ ප්‍රකාශ කර සිටී.

'ගාලු කොටුවේ කොරල්පරය තුළ මා නොගිය තැනක් නැති තරම්. ඔය පිළිමය මාස ගණනක් ඔතැන තිබුණා. ඔය පිළිමය ඔතැනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කලාකරුවකු විසිනුයි. මම මේ පිළිමය දැකපු හැටියේම එය එතැනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුණා. එපමණක් නොවෙයි මෙවැනි ජනතාව රැවටීමක්ද සිදුවිය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ. කොරල් පරය තුළ පිළිම තබා පැරැණි පෙනුමක් ලබාදීම සහ ව්‍යාපාරගත කිරීම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදුවිය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකිය. මෙම පිළිමය මා දකින විට ගත් ඡායාරූපයක් මගේ මුහුණු පොතෙන් බලාගත හැකියි. හිමිකරු පැවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්තිවලින් කළ එකක්. මාගේ මිතුරකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබෑ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ. කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි.'

ජනක රූබන්ගේ ෆේස්බුක් සටහන පහතින් ,


 

YOU MAY ALSO LIKE